එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, October 1, 2011

බ්ලොග් එකට Alexa ට්‍රැෆික් Rank ලබාගන්නේ මෙහෙමයි

     සුබ දවසක් ...ඔන්න අදත් ඔයාලට   වැදගත්  වෙන දෙයක්  අරගෙන තමයි බ්ලොග් එක පැත්තට අවේ .  මොකක්ද මේ  Alexa  traffic Rank  එක කියන්නේ ?
සරලව කිව්වොත්  Alexa  ආයතනය මගින්  ඔවුන්ගේ Alexa  ටූල් බාර්  එක  ඇති  වෙබ් සයිට් අතරින්  ඔබගේ වෙබ්  සයිට් එකට ඇති  traffic  එක ගණනය කර  , එම   අය  අතරින් ඔබගේ වෙබ් අඩවියේ  ස්ථානය  ඉලක්කම් වලින් ලබා දීමයි . මුලින්ම මෙම   රෑන්ක් එක අගයෙන් වැඩි අගයක් තමයි  දෙන්නේ ... එහි තේරුම  වෙබ් අඩවියට ඇති traffic  ප්‍රමාණය අඩු  බවයි  ,, නමුත් මෙය ..ඔබගේ   බ්ලොග්  එකේ  ට්‍රැෆික්  එක වැඩිවෙන  විට  කෙමෙන්  පහල යනවා...

දැන්  අපි බලමු Alexa  Rank එක  ඔයාලගේ   බ්ලොගර්  බ්ලොග්  එකට ලබාගන්නේ කොහොම   කියල .. මේකට අපිට  පියවර 3 ක්  සම්පුර්ණ කලයුතු වෙනවා.

   1.  Alexa   වෙබ් අඩවියේ  ලියාපදිංචිවී  , අපගේ  බ්ලොග්  අඩවිය ඔවුන්ට  එකතු කර ..  එය
        ඔවුන් ලවා verify   කරගතයුතු වෙනවා.
   2.  Alexa  ටූල් බාර්  එක වෙබ් බ්‍රවුසරයට  එකතු කලයුතුයි .
   3.  එය  අපගේ බ්ලොග්  අඩවියේ දිස්වීමට Alexa Site Widget එකක්  එකතු කරගත  යුතුයි .
 
මුලින්ම  Alexa   වෙබ් අඩවියේ  ලියාපදිංචිවීමට  මෙ තැනින් යන්න..,,,, 
පහත  රූපය බලන්න


මෙහිදී  රූපය පරිදි පුරවා  අවසානයේ  register   මත ක්ලික් කරන්න ...  මෙතැනදී ඔයාලගේ   ඊමේල්   එක නිවැරදිව   ඇතුලත් කරන්න . මොකද  රෙජිස්ට්‍රේෂන්   එක  confirm  කිරීමට  අවශ්‍ය ලින්ක් එක එවන්නේ  එම ඊමේල්   එකට   නිසා.




අපිට ඊට පස්සේ එම ලින්ක් එක  මත ක්ලික් කර , පාස්වර්ඩ්  එකක් ලබාදීම   මගින්  www.alexa.com  ලියාපදිංචි  වෙන්න  පුළුවන් .. ඊට පස්සේ  අපගේ වෙබ්  අඩවිය  ඇතුලත් කිරීමට  මෙන්න මේවගේ  අවස්ථාවක්  ලබාදෙනවා .

මෙහිදී  ADD a Site   මත ක්ලික් කරන්න.
ඊට පසු ඒසදහා  නොමිලයේ  ලබාදෙන
Free sign up now  මත ක්ලික් කරන්න,
 පහත රූපය පරිදි ..












ඊට පසු එන මෙනුවෙන්  ඔයාලගේ බ්ලොග් ලිපිනය  ඇතුලත් කර  Continue   මත ක්ලික් කරන්න.
පහත රූපය  පරිදි










ඊට පස්සේ  සයිට් එක verify  කිරීමට අවස්ථාව   ලබාදෙනවා . පහත රූපය  බලන්න..

  මෙතනදී  අපගේ  බ්ලොග් එක බ්ලොගර් වලින් නිමානය කර ඇතිනිසා   option 2:    තෝරාගන්න .....මොකද බ්ලොගර්   වලින්  සයිට් එකේ  root directory   වලට ෆයිල් අප්ලෝඩ්  කිරීමට හැකියාවක් නැති නිසා ..
එහි ඇති  verification id  එක  meta tag  එක  රූපයේ පරිදි කොපි කරගෙන ,, ඔබගේ  බ්ලොගර්  වෙබ් අඩවියේ
meta tag  දිස්වන කොටසට   එකතු කරන්න. ( සාමාන්‍යයෙන්  <head> අතරට </head> )  .. එහිදී  ටෙම්ප්ලේට් එක  save  කරන්න   අමතක කරන්න එපා ..   සියල්ලටම පසු  verify my ID  මත ක්ලික් කරන්න. ඔබගේ  verify  කිරීම සාර්ථක  නම්  මෙන්න මෙහෙම පණිවිඩයක් දෙනවා .
ඊට පසු  site tool  .>>>Edit your Listing>>.>.වලදී ඔයාලගේ සයිට්  එකේ වෙබ් ලිපිනය එකතු කරලා බ්ලොග් එකේ title , Description , public contact information .. etc  ආදිය  එකතු කරලා   අවසානයේ  save   කරන්න.

2.  ඊලගට  තියෙන්නේ Alexa  ටූල් බාර්  එක වෙබ් බ්‍රවුසරයට  එකතු  කරගන්න .
      ඒ සදහා   Alexa  ප්‍රදාන මේනුවෙහි ඇති  Toolbar  මත ක්ලික්  කරන්න.
google  Chrome  සදහා == >  Install Alexa Extension  මත ක්ලික්  කරන්න


3 .. ඊලගට තියෙන්නේ  Alexa Site Widget  එක අපේ  බ්ලොග්  එකට එකතු කිරීමයි .
  ඒ   සදහා ,,

   site tool >>>>Alexa site widgets  මත   ක්ලික්   කරන්න..
    ඊට පසු ඔබගේ බ්ලොග්   එකේ ලිපිනය එහි උදාහරණය පරිදි ලබාදී  Build Widget මත  ක්ලික් කරන්න.
    ඊට පසු  ඔබ තෝරාගත්  Widget  එකට  අදාල  html  කෝඩ් එක කොපි   කරගන්න.
    දැන්   තියෙන්නේ  ඔයාලගේ බ්ලොගර්
       Dashboard>>>Page Elements>>> Add a Gadget>>>Html/JavaScript  ගිහිල්ල  අර කොපි  කරගත්ත
        html  කෝඩ් එක  පේස්ට් කරගෙන .. අවසානයේ   ටෙම්ප්ලේට්  එක  save  කරගන්න.
ඔන්න ඔහොමයි  Alexa  traffic Rank එක බ්ලොගර් බ්ලොග්   එකට එකතු වෙන්නේ .. සුබදවසක් ...................
  
13 Comments
Tweets
Fb Comments

13 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේවගේ රෑන්ක් එකක වැදගත් කම මොකද්ද ඉතින්?

    ReplyDelete
  2. අපිට බ්ලොගර් වල දෙනවනේ බ්ලොග් ස්ටැට් එකක්?

    ReplyDelete
  3. ස්තුතියි නදී ප්‍රතිචාරයට ,, මේකේ ඇති වැදගත්කම ගැන කියනවනම් අපට වෙබ් අඩවියකට ඇති traffic එක පිලිබදව දළ අවබෝධයක් ලබා ගන්න පුළුවන් .
    2. ඔව් බ්ලොගර් වල ස්ටැට් එක මගින් අපිට
    අපිට අපේ බ්ලොග් එකේ traffic එක ගැන විස්තර ගන්න . පුළුවන් ,, දෙක අතර වෙනසක් තියෙනවනේ ,,

    ReplyDelete
  4. වැදගත් ලිපියක්.....ඇලෙක්සා එකෙන් බ්ලොග්‍ර් ස්ටැට් එකට වඩා තොරතුරු ලබා දෙනවා..බවුන්ස් රේට් එක වගේ

    ReplyDelete
  5. ස්තුති නිමේෂ් ,, නදී දෙන්නටම

    ReplyDelete
  6. What about Google Analytics ?

    ReplyDelete
  7. නියම පෝස්ට් එකක්.

    ReplyDelete
  8. ස්තුතියි විසිතුරු ,,Google Analytics වලිනුත් වෙබ් එකට ඇති traffic පිළිබඳ විස්තරයක් ගන්න පුළුවන් ..

    ReplyDelete
  9. ස්තුතියි මධුරංග

    ReplyDelete
  10. සාමාන්යෙන් එක එක site වලින් අපට ලබාදෙන rank වල තියන දේවල් වෙනස්.. උදහරනයක් විදියට Alexia වල backinks , local popularity, වගේ ඒවට වැදගත් තැනක් දෙනවා.... අනික් දේවල් වලට අමතරව. හැබැයි ඉතින් හැම තිස්සෙම ටැ‍ෆික් වැඩිඋන නිසාම Alexia ‍රැන්ක් වැඩි වෙන්නේ නැ...

    ReplyDelete
  11. ස්තුතියි ලිපියට

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වලස් පුංචා මේ පැත්තට ආවට..

      Delete