එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, October 24, 2011

ScribeFire වලින් බ්ලොග් ලියමු ...

සුබ දවසක්  බ්ලොග් ලියන සහෝදර සහෝදරියන්ට  වැදගත් වන දෙයක්  අරගෙන  තමයි    අදත් බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ ..ScribeFire   ඔන්ලයින්  බ්ලොග්  ලියන්න පුළුවන්  tool   එකක් ..   මෙයා මුලින්ම ආවේ   Firefox  වෙබ් බ්‍රවුසර්  එකට Add on   එකක්   විදිහට   නමුත්  පසුව  ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා   වැනි වෙබ්  බ්‍රවුසර්  වලට  Extension  විදිහට  නිර්මාණය වුනා ... .. ඒවගේම  මේ  ScribeFire  බ්ලොගින් ටුල්  එක  වර්ඩ්ප්‍රෙස් ,Windows Live Spaces ,Tumblr, Movable Type, Drupal and Blogger  වැනි  ප්‍රධාන  බ්ලොග්  ලියන මාධ්‍ය  වලට වලට  සහයක් දක්වනවා ....  විවිධ  බ්ලොග්  මාධ්‍ය  වලින්  බ්ලොග්  ලියන  අයට   තමන්ගේ  සියලු   බ්ලොග්   එක්  තැනක  සිට   ලිවීමට  මෙම   ScribeFire  යොදාගන්න  පුළුවන් .

මුලින්ම  www.scribefire.com   වලට   ලොග්  වෙලා  ,  ScribeFire  Extension  එක වෙබ්  බ්‍රවුසරයට  ඉන්ස්ටෝල් කරගන්න  ( ගූගල් ක්‍රෝම් , සෆාරි  , ඔපෙරා  සදහා )  එවිට   වෙබ් බ්‍රවුසරයේ   Extension දිස්වන කොටසට   මෙන්න මෙහෙම  සලකුණක්  එකතු වේවි.

                                                         

ඊට පසුව  ඉහත රූපය පරිදි   ScribeFire  Extension  එක මත ක්ලික් කරන්න.  එවිට  ScribeFire  බ්ලොග් editor   වෙතට   ගමන් කරයි . එහි ඇති  Add a New Blog   මත ක්ලික් කර  ඔබගේ බ්ලොග් එකෙහි දත්ත  ඇතුලත්  කරන්න.  ඊට පස්සේ  බ්ලොගර් වලදී මෙන්  බ්ලොග්   පොස්ට්  එකක්  නිර්මාණය කරගන්න  පුළුවනි .. 

 

No comments:

Post a Comment

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....