එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 2, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකක යටින් තමන්ගේ අත්සන එකතු කරන්න..

සුබදවසක්   හැමදෙනාටම .. අදත් ඔයාලත් එක්ක  එකතු   වෙන්නේ  බ්ලොග්   පොස්ට්   එකකට  එකතු කරන්න පුළුවන්  පොඩි   වැඩ කෑල්ලකුත් එක්ක.. ඉහත  රූපය බැලුවහම  තේරෙනවනේ  මොකක්ද   කරන්න යන්නේ   කියල ... අපි ලියුමක් ලිවුවොත්  එහි   අගට   අපි   අපේ  අත්සන  එකතු කරනවනේ  නේද?  ඉතින්  අපි මේවගේ   දෙයක් අපේ බ්ලොග්   පොස්ට්   එකේ අගටත්  එකතු  කරගන්නයි  අද   අපි   හදන්නේ ..මුලින්ම  අපිට අපේ අත්සන හදාගෙන ඉන්නවෙනවා ... ඒ  සදහා  මුලින්ම  
මෙන්න   මේ ලින්ක්  එකෙන්  යන්න ..... එවිට  පහත  ආකාරයට  අත්සන  සැදීමේ  මුල්  අවස්ථාවට   පිවිසිය හැක,,
        මෙතනදී  අත්සන සෑදීමට  ඇති නම  එකතු කර  Next step  මතට  ගමන් කරන්න... ඊට පසුව         පහත  රූපය පරිදි  අකුරු වර්ගය  (Font )  එක  තෝරා ගැනීමට  අවස්ථාව  ලබාදේ .. එයින්   කැමති   
එකක්   තෝරා   ගන්න...   තමන්ට  කැමති එක ...තොරගෙන  Next step මතට  යන්න.
ඊලග කොටසින් කරන්න තියෙන්නේ (Font )  එකේ  size  එක   තෝරා  ගෙන  Next step මතට  යන්න.


ඊලග කොටසින්  ෆොන්ට් (font ) එකේ  කලර්   එක  වෙනස්  කිරීමට  අවස්ථාව ලබා දෙනවා ... තමන්ට  කැමති පරිදී තෝරාගෙන   Next step මතට  යන්න.


ඊලග කොටසින්  නිර්මාණය  කල  අත්සන  දිස්විය යුතු  ආනතිය ( slope )    එක  වෙනස්  කිරීමට  අවස්ථාව ලබා දෙනවා ... තමන්ට  කැමති පරිදී තෝරාගෙන   Next step මතට  යන්න.




    

දැන් ඔයගොල්ල  අත්සන  නිර්මාණය  කරගෙන  ඉවරයි .. මෙන්න මේ  වගේ ..


දැන්  පහලින්  ඇති want to use this signature මත  ක්ලික් කර  , අත්සනහි   html  කෝඩ්   එක  ලබා  ගන්න.

මේ පහලින්  තියෙන්නේ  මම නිර්මාණය  කල අත්සනේ   html  කෝඩ්  එක....

ඔය  කෝඩ්  එක තමයි  අපි බ්ලොග්  පොස්ට්  එකේ   යටට  එකතු  කරගන්න  ඕනෑ...ඒ  සදහා

  blogger Dashboard >>>>Design >>>>Edit html  වලින්  ගොස්  Expand         Widget check box   මත  ටික්  ලකුණ  දමා   CTRL + F   මගින්  පහත  ඇති   කෝඩ්   එක   හොයා  ගන්න.


        

<data:post.body/>


  ඊට   පස්සේ ඊට  පහතින්  පහත   දැක්වෙන  කෝඩ්   එක   එකතු කරන්න ,,,,,   අවසානයේ ටෙම්ප්ලේට්  එක SAVE  කරන්න.......

<b:if cond='data:blog.pageType == &quot;item&quot;'>
<img src="ENTER YOUR SIGNATURE URL HERE"/>
</b:if>


මෙහි  ENTER YOUR SIGNATURE URL HERE  කොටස   වෙනුවට  අපි කලින්   නිර්මාණය  කල   අත්සනේ  ලින්ක්  එක  දෙන්න ,,,  වැඩේ   ඉවරයි ...  බලන්න .. මම  හදපු අත්සන   ඔය  පහලින්   තියෙන්නේ........
                              
                                        සුබදවසක් ..... '''';;;;;''''''   

-----------------------------------------------------------------------------------------





18 Comments
Tweets
Fb Comments

18 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. අපූරුයි!

    ReplyDelete
  2. @Loku Johnස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  3. @හිරුහිමාවී>ස්තුතියි ප්‍රතිචාරයට

    ReplyDelete
  4. error ekak enawane. save karanna ba

    ReplyDelete
  5. එල නියමයි :)

    ReplyDelete
  6. @වර්ණාකොතනද එන්නේ ... මම හිතන විදිහට image එකේ url එක කොපි කරගන්න තැන වෙන්න ඕනෑ.... ආපහු පොඩ්ඩක් එතන බලන්න.....

    ReplyDelete
  7. නියම වැඩ කෑල්ල ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. මේක නම් නියමයි.. මගේ බ්ලොග්ස් දෙකටම ඔන්න දැම්මා.. තැන්කූ සහෝ..
    ජය වේවා...

    ReplyDelete
  9. අහා අස්සන් කරන්න දැන් ලේසියි නේ..හරි සෝක්...

    ReplyDelete
  10. සිංහල අත්සන් බැරිද බං ?

    ReplyDelete