එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, September 23, 2012

SEO- Meta Description Tag එක ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලට වෙන වෙනම එකතු කරගන්න...

සුබදව්සක්  ... බ්ලොගර්  මගින්   බ්ලොග්  ලියන  සහෝදරයින්  දැන්   බ්ලොගර්  වල අලුත් අතුරු මුහුණත  පාවිච්චි කරනවා  නේද?   මේ   අලුත්  අතුරු මුහුනතත්  එක්ක , බ්ලොගර්  මගින්    SEO (Search Engine  Optimization  )  වලට   අදාළ  Settings  , අපේ   බ්ලොගර් Dashboard   එ‍කට   ලබාදී   තිබෙනවා  ... ඉතින් මේ  Settings  හරියාකාරව  සකසා ගත්තේ  නැත්නම්  ඔයාලගේ   බ්ලොග්  එක  Search Engine වල   සෙවුම්  අතරට  එක්   නොවීමට  ඉඩ   තිබෙනවා ...

ඉතින් මෙහිදී    Meta Description tag  ඒක  මගින්   වෙබ්  අඩවියේ  අන්තර්ගතය  ගැන කෙටි   සාරාංශයක් , වෙබ් සෙවුම්  පිටුවකට පිවිසෙන්නෙකුට   ලබා  දෙනවා... තවත්   පැහැදිලි මදි   නම් ඔය   ඉහත රුපයේ   කහ පාටින් දක්වා  ඇති කොටසේ   ඇත්තේ  මේ  වෙබ්   අඩවියේ  Meta Description tag  එක..  මේ  වගේම  අප  ලියන  බ්ලොග් පෝස්ට්  වලට  වෙන  වෙනම Meta Description Tags 
එකතු කර   ගත්තොත් ..  ඒවා  Search Engine   වල  සෙවුම්   වලට   පහසුවෙන්ම  හසුකර   ගන්න   පුළුවනි ...ඉස්සරනම්  මේ  සදහා  බ්ලොගර්   වල  ටෙම්ප්ලේට්  එක  එඩිට්  කර කර   දගලන්න   ඕන..
නමුත් දැන් වැඩේ   හරිම ලෙහෙසියි ...

මුලින්ම  බ්ලොගර්  Dashboard  වලට  ලොග්  වෙලා  Settings >>>>Search Preferences  තෝරාගන්න
පහත   රූපය   පරිදි ....
ඊලගට   තියෙන්නේ  පහත   රුපය   පරිදි  Meta Description Tags  ,   Enable   කරලා . බ්ලොග්  එකට  ගැලපෙන Meta Description Tag එකක්  එකතු කරලා අවසානයේ  Save  Changes   මත  ක්ලික්   කරන්න....
දැන්    Meta Description Tags  ,   Enable   කරලා ඉවරයි ..  මුලින්ම  මේක   කරගෙන  ඉන්න   ඕන.  
දැන්  බ්ලොගර් Dashboard   වලදීම    Meta Description Tag  එක   එකතු    කල යුතු  පෝස්ට්  එක තෝරාගෙන  Edit >>>>Post Settings  >>>>> Search Description   වලට  අවශ්‍ය Meta Description 
එක  එකතු  කර  , අවසානයේ  Done මත  ක්ලික්  කරන්න.... පහත  රූපය  බලන්න..

එහෙනම්  අනිත් ඒවටත්  ඔය  විදිහටම  Meta Description Tag  එකතු   කරගන්න   පුළුවන් .....
















10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. බ්ලොග් ලියන අයට බොහොම වැදගත් වෙන ලිපියක්.. ස්තුතියි දැනුම බෙදා ගන්නවට!!

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. යාලුවා නියම අදහසකි ගෙනත් තියෙන්නේ.

    ReplyDelete
  4. ෆට්ටයි යලුවා එකනන් ...

    ReplyDelete
  5. බොහොම වැදගත් වෙන පෝස්ට් එකක්...
    http://unsaid-dasuni.blogspot.com/

    ReplyDelete
  6. ස්තුතියි .....

    ReplyDelete