එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, September 28, 2012

පේස්බුක් notification ටික SMS එකකින් ගෙන්න ගමු ...


සුබදවසක්  හැමදෙනාටම ... ඔන්න  අදත් බ්ලොග්  එක පැත්තට  අවේ ...ඔයාලට  වැදගත්   වන   තවත්  අලුත්   දෙයක් අරගෙන   මේක  අලුත්  කීවට   අලුත්ම   දෙයකුත්  නොවේ ... ඔයාලට  එන පේස්බුක්   notification  ටික SMS  එකකින් බලා ගන්න   පුළුවන්   නම් ,  නිතර  පේස්බුක්  වලට   නොයන   කෙනෙකුට  මේ   ක්‍රමය වැදගත්   වනවා... .. 



මුලින්ම   තියෙන්නේ https://ifttt.com  මේ  වෙබ් අඩවියට  ගිහිල්ල  , ගිණුමක්   හදා   ගන්න.
එවිට  මේ  ඉහත වෙබ්අඩවිට   ඇතුළු වීමට යුසර්නෙම්  එකක්  හා  පාස්වර්ඩ්  එකක්  හදාගන්න  පුළුවනි...
ඊට පසුව   හදාගත් යුසර්නෙම්  එකක්  හා  පාස්වර්ඩ්  එක   යොදාගෙන   https://ifttt.com  වෙබ් අඩවියට ලොග්  වෙන්න.  ඊට  පස්සේ මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින්  එහි  ඇති  channel  තෝරා  ගැනීමට   පිවිසෙන්න ...මෙහිදී   අපට  Feed   හා   SMS   යන  channel   දෙක  සක්‍රිය කරගතයුතු  වෙනවා ...
මුලින්ම  SMS channel  එක   සක්‍රිය   කිරීමට එහි ඇති SMS  මත ඩබල් ක්ලික්   කරන්න..
එවිට    පහත  රූපයේ පරිදී  SMS channel  එක   සක්‍රිය   කිරීමට  අවස්ථාවට  ඔබව පත්වෙනවා ..

මෙහි  ඇති Activate  මත  ක්ලික් කරන්න ...  එවිට  පහත පරිදි වේ ,,,

මෙහි  SMS  එක යැවිය  යුතු ෆෝන් එකේ  නම්බර් එක  දෙන්න ..මුලට  00  දාල  ඊලගට රටේ COUNTRY CODE  එක + ෆෝන් නම්බරය   දෙන්න  ..
උදා :  ලංකාවේ  මොබිටෙල් නම්බර්යක් දෙන්නේ  මෙහෙමයි  ..
                                               : =   OO9471XXXXXXX
ඉහත පරිදි පරිදි ඔයාලගේ  ෆෝන් නම්බරය  එකතු කරලා  අවසානයේ   Send PIN   මත   ක්ලික් කරන්න.. 

එවිට  ඔයාල  ලබාදුන් ෆෝන් නම්බරයට  PIN  අංකය  SMS  එකක් මගින්  ලැබෙනවා .... එය   ඉහත රුපයේ  PIN   කියන තැනට එකතු   කර  අවසානයේ Activate  මත   ක්ලික්  කරන්න...
               ඊලගට තියෙන්නේ  Feed channel   එක  ඇක්ටිව්   කිරීම ...
ඒ  සදහා   මුලින්ම channel  වල ඇති feed  මත ඩබල් ක්ලික් කරන්න.. 
මෙහිදී  එහි   ඇති  Edit Channel   මත ක්ලික්  කරන්න...
ඊට පස්සේ  එන රුපයෙන්  Activate මත   ක්ලික්  කරන්න...  හරි  දැන් ඔයගොල්ලෝ     Feed   හා   SMS   යන  channel   දෙක  ඇක්ටිව්  කරගෙන ඉවරයි ...  
දැන්   තියෙන්නේ   IFTTT  වල   තියෙන notification  එකක්  ලබුනවිට  sms එකක්   ලබාදෙන   recipe  එක සක්‍රිය  කරගන්න ...  ඒ  සදහා  පහත ලින්ක්  https://ifttt.com/recipes/4829  එකෙන්  යන්න.  එවිට මේවගේ   තැනකට   යනවා ....

මෙතැනදී   Facebook  notification  feed  url  එක  එකතු   කරලා   අවසානයේ  Use Recipe මත ක්ලික් කරන්න.

      Facebook  notification  feed  url   එක  හොයාගන්නේ    මෙහෙමයි ...
1. ඒ  සදහා  පේස්බුක්  ගිණුමට  ලොග්  වෙලා  මේ ලින්ක්  එකෙන්   යන්න.. https://www.facebook.com/notifications   එවිට  පහත පරිදි  ඔයාගේ ගිණුමේ  ඇති notification  තියෙන   තැනට  යනවා ......එහි ඇති rss මත රයිට් ක්ලික්  කර  Copy Link Address  මගින් Facebook  notification  feed  url   මගින්  සොයාගන්න   පුළුවනි ...  පහත   රූපය  බලන්න ....


ඔන්‍න‍  ඔයාලට  facebook  notification sms  ගන්න වෙනත් ක්‍රමයක්  කියල   දුන්න... එහෙනම්   ඉතින් කරලා   බලන්න  ... ජයවේවා......



4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මගෙත් තිබුනා අවසන් වෙද්දි නම් වදයක් උනා

    ReplyDelete
  2. නියමයි..!! ස්තුතියි ඔබට!!!

    ReplyDelete