එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, January 25, 2013

Skype හරහා යාලුවොත් එක්ක ඔන්ලයින් සජීවීව පින්තූර අදින්න , ගනන් හදන්න ඇතුළු තව වැඩ ගොඩක් ...

Skype   වලින්   කෙරෙන්නේ  මොකක්ද  කියන   එක  අද   ඉන්ටර්නෙට්  පාවිච්චි  කරන   අය   හැමදෙනාම   වගේ   දන්නවා  හා   දැනටමත්  බොහෝ  දෙනෙක්   skype  යොදාගෙන   ඉන්ටර්නෙට්   වල   voice chat   ,  text  chat   එහෙම    යාළුවො    අතර   කරලා   ඇති නමුත්     අද   ඔයාලට    කියල    දෙන්නේ   
skype  හරහා   යාලුවොත්    එක්ක  ඔන්ලයින්  පින්තූර අදින්න ,, එහෙමත්   නැත්නම්  තමන්ගේ   අදහසක්   පින්තුරයකට   නගල  ඒක   අනික  අයටත්  එඩිට්  කිරීමේ  පහසුව   ඇතිව   ඔන්ලයින්   share   කරගන්න ..
ඉහත  රුපය   බලපුහම  පැහැදිලි  ඇති  මම   skype    හරහා   ඔන්ලයින්   ඇදපු      රූපයක්‌  ..මෙහි  skype icon   එකතු   කලේ  මවිසින්   වන  අතර    එයට    කලුපාට  බෝඩර්   එක   සහ   අනෙකුත්    රේඛා  එකතු
කලේ   skype  හරහා  මගේ  මිතුරෙක් ......  දැන්  පැහැදිලි   ඇති   නේ   skype    වලින්   chat   කරනවා   වගේ   තව   දේවලුත්   පුළුවන් බව..හැබැයි   මේක   skype      වලින්    පමණක්ම    බැහැ..  මේකට   අපට  IDroo  කියන   සොෆ්ට්වෙයාර්  එකක්  අපට   යොදාගන්න    වෙනවා..... මේ  IDroo    සොෆ්ට්වෙයාර් එක  (වින්ඩෝස්  7  ,  vista , xp  )   වලදී   පාවිච්චි    කල   හැකි   වන    අතර    අවම   වශයෙන්   .NET framework 2.0    වත්   තිබිය   යුතු    වෙනවා...


මේ  සොෆ්ට්වෙයාර් එක     personal   පාවිච්චියට  පමණක්  නොමිලයේ    ලබාදෙන   version   එක    පාවිච්චි   කල   හැකි    වන       අතර    commercial , education   අවස්ථාවකට   පාවිච්චි   කරනවා     නම්  එහි   registered  version   එක    පාවිච්චි   කල  යුතුයි ...
දැන්  අපි    බලමු   කොහොමද    මේකෙන්       skype    හරහා     වැඩකරන්නේ     කියලා..

මුලින්ම    ඩවුන්ලෝඩ්   කල  IDroo   ඉන්ස්ටෝල්  කරන්න.. දැන්    ඔබේ   ඩෙස්ක්ටොප්    එකට    එකතු   වෙලා    තියෙන   IDroo    ෂෝට් කට්   ඒකමත   ක්ලික්   කරන්න..

එවිට ඔබ  skype   වලට   ලොග්  වෙලා   නැතිනම්   නෙට්   හරහා  skype   වලට   ලොග්    වීමට   අවසර  ඉල්ලනවා   මෙන්න   මේ   වගේ  


ඊට   පසුව   මෙන්න    IDroo සොෆ්ට්වෙයාඑක   skype  හා    සම්බන්ද   වීමට   අවසර  ඉල්ලන්න්වා  මෙන්න   මේ   වගේ....මෙහිදී    පහත   රූපය  පරිදි   Allow  access    දෙන්න ..




දැන්  මෙන්න  මේ   වගේ    රුපයක්     ඔයාලට    පෙනෙනවා    ඇති .....මෙතනින්   තමයි   ඔන්ලයින්   පින්තුර   අදින්න    පටන්    ගන්නේ




මුලින්ම   මෙහි   participants   කොටසේ  ඇති  +   ලකුණ   මත ක්ලික්   කර   ඔයාල  ඇදීමට   බලා පොරොත්තු  වන   පින්තුරය  share   කිරීමට   අවශ්‍ය  ඔබගේ    වල  skype    යාලුවෙක්  ( idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කර   ඇති )    තෝරාගන්න..



මෙහිදී  අපට   අවශ්‍ය   නම්    කිහිප   දෙනෙක්   වුනත්    එකතු   කරන්න  පුළුවන් .... අවශ්‍ය    වන්නේ   ඔවුනුත්    idroo  සොෆ්ට්වෙයාර්   එක   පරිගනකයේ  ඉන්ස්ටෝල්  කරගෙන     තියෙන්න   ඕනෑ..



ඉහත    රුපයේ  පරිදි   මෙහි   ඇති  පින්තුරය  මත  සජීවීව    අදින්න   මට  මෙන්ම   මෙහි   participants  කොටසේ   ඉන්න   මගේ   යාලුවට  පුළුවනි ... මෙහි   ෆොටෝ   එක   එකතු  කලේ  ඔහු  වන   අතර   එහි   මුහුණ  වටා කලුපාට  රවුම්  ඇදීම  කලේ  මවිසිනි ....



රුපයේ  පරිදි මෙහි  වම්  උඩ  කෙලවරේ  ඇති     ටූල් පාවිච්චි  කරලා   අපට   අපගේ   skype   මිතුරන්   එක්ක   ඔන්ලයින්  සජීවීව  රුප   අදින්න , ,, ගණන්  සැදීම  , ෆොටෝ  share    කිරීම   වැනි   දේ   කරගන්න පුළුවනි ,,එහෙනම්   ඔයාල හොයල   දුන්න සොෆ්ට්වෙයාර්  එක  පාවිච්චි  කරලා   බලන්න,, මේක   පාවිච්චි කරගන්න  විදිහ   ගැන  ගැටළුවක්   ආවොත්  කොමෙන්ට්   වලින්  ඒ  ගැන   දන්වන්න   අමතක   කරන්න  එපා .. හැමදෙනාටම   සුබ   දවසක් .....


10 Comments
Tweets
Fb Comments

10 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. අපි නිතරම ස්කයිප් නිසා අපටනම් හොඳයි වගේ .. :)

    ReplyDelete
    Replies
    1. මේක නියම සොෆ්ට් එකක් පාවිච්චි කරලා බලන්න..

      Delete
  2. අන්තිමට ෆොටෝ එක සේව් කරන්නත් පුළුවන් නේද ?

    ReplyDelete
  3. ස්කයිප් ඔස්සේ ගොඩක් දේවල් කරන්න පුළුවන් නේ බලාගෙන ගියාම.

    ReplyDelete
  4. අනුෂ්කා සහ මට ලවු කරන ගමං චිත්‍ර අදින්න හොදා මේක..
    හිකස්..

    ReplyDelete
    Replies
    1. කෙකෙනෙක් විතරක් නොවෙයි ...එක පාරට කීපදෙනෙක් එක්ක වුනත් පුළුවනි ....

      Delete
  5. වැදගත් ගැජට් උනාට ඒවා භාගත කරගෙන ඩවුන්ලෝඩ් කර ගන්න තෙරුමක් නැ.
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. මේ ස්කයිප් පාවිච්චි කරන අයට ගොඩක් වැදගත් වේවි ..

      Delete