එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, January 31, 2013

Cloud storage අතර ෆයිල් හුවමාරු කරගන්න ලේසිම ක්‍රමයක්

 අන්තර්ජාලය   තුල   භාවිතා වෙන  විවිධ වර්ගයේ  cloud storage  තියෙනවා ... Dropbox , box , mydrive , skydrive ,Amazon S3, and Sugarsync   මෙයට  උදාහරණ  වශයෙන්   ගන්න  පුළුවනි ,,, අද   අපි  කතා කරන්න යන්නේ මේවා  අතර   අපට   අවශ්‍ය  ෆයිල්   හුවමාරු   කරගන්නේ   කොහොමද    කියල ...

මේ   සදහා   මුලින්ම   අපට  mybackupbox   ලියාපදිංචි  වී  ගිණුමක්  සාදාගත යුතු වෙනවා.....ඊට පසු පහත   පරිදි  තෝරාගැනීම  සිදුකරන්න..
ඊට   පසුව  ෆයිල්   හුවමාරු  කරගත  යුත්තේ  කොහෙන්   කොහෙටද  යන්න   තෝරාගැනීමට   අවස්ථාව  ලබාදෙනවා ,,,,, මෙන්න   මේ  වගේ ... එතනදී   ගැලපෙන   පරිදි   තෝරාගන්න...


මෙහිදී  box, dropbox , sugarSync , GoogleDrive , SkyDrive , AmazonS3 වගේම   FTP , SFTP , MySQL    අතරද  ෆයිල්   හුවමාරු  කරගැනීමේ   අවස්ථාව  අපට ලබාදෙනවා  .....මෙහිදී  ඉහත  රූපය  පරිදි  ඇති  ඇති රුප මත ක්ලික් කර  හුවමාරු   කිරීමට   අවශ්‍ය  කනෙක්ෂන්  එක   හදාගන්න.... උදාහරණයක්‌  ලෙස  dropbox   වලින්  GoogleDrive  වෙත   ෆයිල්   හුවමාරු කිරීමට   අවශ්‍ය නම් ...
මුලින්ම   dropbox  මත  ක්ලික් කරන්න....  එවිට   මෙන්න  මේ  වගේ  
එවිට  පහත රූපය  පරිදි Backup Box එක  dropbox  හා සම්බන්ද වීමට  allow  මත   ක්ලික්   කරන්න....
වැඩේ  හරියට  කරගත්තනම්  පහත  පරිදි  රූපයක්  එනවා......
ඉහත  පරිදිම   GoogleDrive   එකත් Backup box   එකට   ලින්ක්    කරගන්න   පුළුවනි....ඊට   පසුව 
ෆයිල්  හුවමාරු  කල යුත්තේ  dropbox එකේ   සිට  GoogleDrive  එකට  බව   තෝරාගන්න ....
ඊට පස්සේ අවශ්‍ය  ෆයිල්  එක   තොරගෙන  ,මැද ඇති   transfer  මත   ක්ලික්   ක‍රන්න .... පහත   රූපය   පරිදි ....

     -------------------------------      සුබදවසක් ......................-----------------------


14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මාත් ඩ්‍රොප් බොක්ස් පාවිච්චි කරනවා. ඒත් ඔය කෙහෙම්මලෙන් ෆයිල් යවන්නේ මොකටද කියල තමා තේරෙන්නේ නැත්තේ

    ReplyDelete
    Replies
    1. ඩ්‍රොප් බොක්ස් හරහා ජීමේල් එකකට වුනත් ෆයිල් එකක් අමුණලා යවන්න පුළුවනි....

      Delete
  2. නියමයි සංජය.. ඔන්න මමත් mybackupbox ගිණුමක් හදලා තියා ගත්තා.

    ReplyDelete
  3. සංජයගේ බ්ලොග් අඩවියෙන් මට ගොඩක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා ,මේ කොමෙන්ට් කරන පළමු වතාව ,ස්කයි ඩ්‍රයිව් වලින් ගූගල් ඩ්‍රයිව් වලින් ෆයිල් හුවමාරු කරන්න පුළුවන් කියල දැනුවත් කිරීම ලොකුදෙයක් .

    ReplyDelete
    Replies
    1. කොච්චර දෙයක්ද රුවන් ඔබට ප්‍රයෝජනවත් මගේ බ්ලොග් එකෙන් ලැබීම ගැන ,,,,හරිම සතුටුයි මටත්

      Delete
  4. මාත් dropbox නම් පාවිච්චි කරනවා.... මේකත් බලන්න ඕනි.... ස්තිතියි සංජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ සමනලී පාවිච්චි කරලා බලන්න...

      Delete
  5. me wade nam harima wadgath sanjaya..
    e unata passwrd eka 3rd party yanawa
    neda ?

    ReplyDelete
    Replies
    1. මට පැහැදිලිමදී ඔබ මොන පාස්වඩ් එක ගැනද කියන්නේ කියලා.. කොහොමත් අපි මේ වැඩේ කරගන්නේ තෙවැනි පාර්ශවයක් හරහා තමයි ..

      Delete