එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, November 24, 2012

බ්‍රවුසර් එක backup කරගත්තේ මොන ක්‍රමයටද? .... මෙන්න හැමදේටම එකයි ....

බ්‍රවුසර් එකක්    backup    කරන්න  යනවා ,  කියනකොට   අපේ   හිතට   එන්නේ   මේක   ටිකක්  කරදරකාරී  ක්‍රියාවලියක්  කියලා ,  ඉතින්  මේ   ක්‍රියාවලිය ,  නොදන්න කෙනෙකුට වුනත්    ලෙහෙසියෙන්ම    කරගන්න    පුළුවන්  පොඩි   සොෆ්ට්වෙයාර්  එකක්   තමයි  මේ   FavBackup .    දැනට  ප්‍රධාන   වශයෙන්    පාවිච්චි  කරන  ගුගල් ක්‍රෝම්  , ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර  ,  ෆයර්ෆොක්ස්  ,  ඔපෙරා , සෆාරි  , ෆ්ලොක්  වැනි   වෙබ්  බ්‍රවුසර්  මෙය   මගින් backup  කරගන්න   පුළුවනි ...

මීට අමතරව FavBackup  සොෆ්ට්වෙයාර්  එක   වින්ඩෝස්  7/vista/xp/2000    වලට   සහයෝගය    දක්වන   අතර , එය  පරිගනකය   තුල  ඉන්ස්ටෝල්   කිරීමකින්   තොරව  පාවිච්චි  කරන්න   පුළුවනි ...
මෙතනින් favbackup.zip ඩවුන්ලෝඩ් කරගන්න...
දැන්  එහි ඇති   zip ෆයිල්   එක   unzip   කරගෙන  ,   එහි  ඇති FavBackup.exe   මත  ඩබල් ක්ලික්   කරන්න....මෙන්න    මේ   වගේ  රූපයක්  දිස්වෙනවා........


මෙහිදී   backup   කිරීමට   අවශ්‍ය   වන  බ්‍රවුසර්  එක    තෝරාදී  ,, බ්‍රවුසර්   එකේ  backup  කරගත යුතු  කොටස්    තෝරාගෙන ,  backup  එක  සෑදිය  යුතු   තැන   එකතු    කර    අවසානයේ   Next   මත   ක්ලික්   කරන්න..,, ඊට   පසු backup  කිරීම   පටන්   ගන්නා අතර ,   එය   සදහා  මිනිත්තු  කිහිපයක්    ගතවේ ... දැන්   අවසානයේ   එන  finish   බටන්   එක   මත ක්ලික්  කරන්න... දැන්  වැඩේ  ඉවරයි ...   දැන්  Backup  location     වලට  යන්න  එවිට     backup   ෆයිල්   එක   dat    ,   extension    එක  යටතේ  දැකගන්න   පුළුවනි ....
ඉතින්   මේ   සොෆ්ට්වෙයාර්  එක   පාවිච්චියට  අරගෙන ...මේක  ඔයාලට  වැදගත්ද?  නැද්ද  කියලා  ඒ   පිලිබදව  ඔබගේ  අදහස්  එකතු  කරනවනම්   තමයි   වැදගත්  වෙන්නේ....
22 Comments
Tweets
Fb Comments

22 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ඔන්න හරි. වැදගත් දෙයක් මේක.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොඩක් වැදගත් ....

      Delete
  2. NIYAMAI! Honda Soft Ekak.

    ReplyDelete
  3. ගොඩක් වටින ‍සොෆ්ට්වෙයාර් එකක් මමත් ඩවුන්ලෝඩ් කළා

    ReplyDelete
    Replies
    1. ඕව් පාවිච්චි කරලා බලන්න.....

      Delete
  4. මට නං තේරුනේ නෑ. මොකද්ද බැකප් කිරිල්ලෙ ප්‍රයෝජනේ.

    ReplyDelete
    Replies
    1. බ්‍රවුසර් ඒක ක්‍රෂ් වුන වෙලාවකට තමයි ... මේ බැකප්කරලා තියාගත්ත දෙයින් වැඩක් වෙන්නේ...පරණ බූක්මාක් , ලින්ක් ලිස්ට් එහෙම ආපසු ගන්න මේ බැකප් කිරීම මගින් කරගන්න පුළුවනි ..එහෙම බැකප් එකක් ලේසියෙන්ම ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තමයි මේ දීලා තියෙන්නේ...

      Delete
  5. දැනට නම් අව්ශ්‍ය නැත...!

    ReplyDelete
    Replies
    1. අවශ්‍ය වුනොත් වැඩක් ගන්න තියාගන්න..

      Delete
  6. නොම තේරේ නොහොත් නොතේරේ......

    ReplyDelete
  7. කොතනද තේරෙන්නනේ නැත්තේ....උදව් කරන්න පුළුවන් ...

    ReplyDelete
  8. පට්ටනේ මම තාම බැකප් කරලා නැහැ බ්‍රව්සර් එකක්.

    ReplyDelete
    Replies
    1. මේ සොෆ්ට්වෙයාර් එකෙන් බැකප් කරලා බලන්න..

      Delete
  9. අන්න එකනං ඵට්ටයි manully කර්නවට් වැඩ ඕක ලේසියි ගොඩක්ම එල සහෝ..ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඒක ගොඩක් අය මේකෙන් ලේසියෙන්ම බැකප් කරගන්න පුළුවන් බව , තාම හරියට දන්නේ නැහැ වගේ ....

      Delete
  10. ඕනෙ වෙන දවසක් ඒවිනේ බන්...ඒ නිසා තෑන්ක් යූ බොට...

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි ... ලියල දැම්මේ....

      Delete
  11. හොඳටම වටිනවා..මාත් හොය හොය හඅටියේ මෙහෙම එකක්..ට්‍රයල් එහෙම නෙවෙයි නේද සංජය...

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ට්‍රයල් එකක් නොවයි බය වෙන්න එපා...

      Delete