එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, November 8, 2012

ඔන්ලයින් ෆයිල් ඉක්මන් හුවමාරුවට ..... මෙන්න පහසු තැනක් ...

  ඔන්ලයින්  ෆයිල්  හුවමාරු කරගන්න  අප විවිධ  ක්‍රම හාවිතා   කරනවා ...නමුත්  සමහර  වෙබ්අඩවි  පාවිච්චි  කිරීමේදී   අපට ඒවායේ  ලියාපදිංචි   වී   මුලින්ම   ගිණුමක්  සාදාගත   යුතුවෙනවා ...නමුත්   ඒ    සදහා  justbeamit   යොදා  ගත්තොත්  අපට  කිසිම   තැනක  ලියාපදිංචි  නොවී ,  ඉක්මන්    ෆයිල්   හුවමාරුවක්  කරගන්න    පුළුවනි ...මෙහි     යොදාගන්නේ   peer to peer  ෆයිල්   හුවමාර කිරීමේ  තාක්‍ෂණය ..

ඒ  සදහා මුලින්ම   justbeamit  වෙබ්   අඩවියට   පිවිසෙන්න ...  හුවමාරු  කිරීමට   අවශ්‍ය   ෆයිල් ටික  Drag and Drop  මගින් හෝ  select  මගින්   තෝරාගන්න... එවිට   ඒවා  justbeamit  වල  sever   එකට අප්ලෝඩ්  ගන්නවා ...ඊට   පසු   එහිදී  create  a  link   මත   ක්ලික්   කර  , ලින්ක්   එක   කොපි කරගෙන  ෆයිල්    එක   හුවමාරු  කරයුතු අයට   එවෙලේම   යවන්න..මොකද   download   link   එක   විනාඩි  5  වැනි   සුළු   කාලයකදී  Expire  වෙනවා....මේ   ක්‍රමයට  ඉතා  ඉක්මනින්  අපට   ෆයිල්  හුවමාරු   කරගන්න   පුළුවනි ...මෙහිදී  ෆයිල්  එක  download  කිරීමට   කලින්  (waiting ) ,   download  කිරීම සම්පුර්ණ  වූ   පසු  ( completed )  , ලින්ක්   එක  expire වූ  පසු  (expired )   යනුවෙන් download   link   එක  ඉදිරියෙන්   දිස්වන   නිසා.... අපට  අපගේ    ෆයිල්   ඒකහරියටම     හුවමාරු  වුනාද   යන්න   අපටම    බලාගන්න   පුළුවනි ....


  මෙතැනදී  සම්පුර්ණයෙන්   ෆයිල්  එක   ඩවුන්ලෝඩ්  වන  තෙක්   justbeamit  වෙබ්  අඩවියෙන්   ඉවත්   නොවන්න..  එහෙම   වුනොත්   ෆයිල්  එක  ඩවුන්ලෝඩ්  වෙන්නේ   නැහැ....

4 Comments
Tweets
Fb Comments

4 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වැදගත් ලිපියක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  2. එල.. ඉක්මනින් එක්ස්පයර් වෙන එක තමා අවුල. විනාඩි පහකට කලින් ඩවුන්ලෝඩ් කරන්න පටන් ගන්නද ඕනි.

    ReplyDelete
    Replies
    1. ඔව්, ලින්ක් එක එක්ස්පයර් වෙන්න කලින් ඩවුන්ලෝඩ් කරගන්න .. ඕනෑ. නැත්නම් ආයෙත් අලුතෙන් ලින්ක් එක යවන්න වෙනවා...

      Delete