එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, November 26, 2012

බ්ලොග් ලියන, කියවන , කොමෙන්ට් කරන හැමෝටමයි ....... ...

අද ටිකක්  අමුතු   විදිහකට   මේ   පොස්ට්   එක  ලියන්නේ .... වෙනදාට  වඩා වෙනස්  විදියක් ......හැමදාම  එකම    විදිහට   ගියොත්   එපාවෙනවා..... ඕනෑම  දෙයක්   ඕනවට  වඩා   ඕනම  නැහැ  නේද ?. ... ඔය  උඩින්  තියෙන රූපය  දිහා   බලන්න .......          මොනවද  පෙනෙන්නේ ?  


        ෆීඩ්   අයිකන්   එකක්   වටේට   මිනිස්සු  ටිකක්  වටවෙලා ....    
 " මෙයාට අද  අමු   කැවිලා වගේ "   කියල    තමයි    ඔයාලට   හිතන්නනේ ......
       හරි   හරි   කලබල  වෙන්න    එපා    ......
"ෆීඩ්"   "ෆීඩ්"       " බ්ලොග්   Feed   address  එක "   ....... ඔන්න   හරි   ට්‍රැක්  එකට  දැන්    තමයි   ආවේ ....
බ්ලොග්  ෆීඩ්  එක    තමයි ,,,අප   ලියන  කියන   දේවල්  තව   කෙනෙකුට  දැකගැනීමට  සලස්වන   අතරමැදියා...  බොහොම  කෙටියෙන්    ඔන්‍න‍        ..........
            "බ්ලොග්    එකේ     Feed   address  එක    මොකක්ද?........"       ප්‍රශ්නයක් ?
බ්ලොග්  එකේ Feed අයිකන්  එකක්  තියෙනව   නම්    ඒක  උඩ   ක්ලික්   කරනකොට  address   bar  එකේ   දිස්වන්නේ   Feed   address  එකයි.....
උදා:
මේ   සදහා  මෙම  බ්ලොග්   එකේ    යායුතු    ආකාරය    ඔන්න    පහතින්    තියෙනවා...

හරි  ඔය දැන්   Atom   එක  මත ක්ලික්   කරානම්   මෙන්න   මේ   විදිහට   ෆීඩ් address  එක   හොයාගන්න   පුළුවනි ........


හරි  .... ඔන්න   ඊළග  ප්‍රශ්නය   බ්ලොගර්  බ්ලොග් එකේ   Feed අයිකන්  එකක්  නැති   අය   මොකද     කරන්නේ ?????
            ඒ  අය  පහත  පරිදි     බ්ලොග්    එකට   එකතු කරන්න   .

බ්ලොගර්වල  layout >>>> Add  a  Gadget >>>>> Subscription  Links   

ඔන්න   දැන්   මෙතන   ඉදන්   තමයි .....අද  මාතෘකාවට    බහින්නේ ....... බ්ලොග්   ලියන කියන ,කොමෙන්ට්  කොරන   අයට   වැදගත්  වන   මෙව්වා    එකක්.... 
               ඔව්    ගුගල්  ක්‍රෝම්   එකස්ටෙන්ෂන්      එකක්  .......  
      "ඇයි  මේකට   මෙතරම්   තෙපර  බෑවේ..........." 
ඒකටත්  හේතුවක්   තියෙනවා..මේ   සදහා අපට බ්ලොග් එකේ  Feed   address  එක   හොයාගන්න    ඕන   වෙනවා...
මේ  එකස්ටෙන්ෂන්  එක  පාවිච්චි කරලා   අපට  මොනවද   ලැබෙන්නේ ....... 
අප  subscribe වූ    බ්ලොග්  එකක අලුත්    පොස්ට්  එකක්   නිකුත්වූ    සැනින්   එය   අපට  බ්‍රවුසර්   එකේ   ඉදගෙනම   දැනගන්න   පුළුවනි ............
.මේ  සදහා   උදව්  වෙන්නේ   ඔය උඩ  විස්තර   කරපු  බ්ලොග්    එකේ   ෆීඩ්....

       එවිට   පහත   පරිදි   එකස්ටෙන්ෂන්  එක    එකතුවෙනවා...


එය   මත   ක්ලික්  කරන්න...  මේ   වගේ   මම   එයට   එකතු  කර   ඇති    වෙබ්   අඩවියක   අලුත්ම   පොස්ට්     ටික  දිස්වන  අයුරු... දැන්   වැඩේ   පැහැදිලිනේ .... මේකෙන්   මොකක්ද   වෙන්නේ   කියලා.


මේවගේ  අප නිතර   යන   එන  වෙබ්   අඩවි   වලට   මේ  එකස්ටෙන්ෂන්  එක   හරහා subscribe   වුනොත් අර   මම  මුලින්    කිව්ව   වගේ ,,ක්‍රෝම්   බ්‍රවුසර්   එකේ   ඉදගෙනම   අලුත්    පෝස්ට්  එකක්  එහෙම    ආවද     කියල   දැනගන්න   පුළුවනි ....ඒ   සදහා   එහි   ඇති   දැති රෝදය   ක්ලික්  කර  
එහි   ඇති   Import Sources    මත   ක්ලික්    කරන්න....


එහිදී     ඉහත   රූපය  පරිදි  අවශ්‍ය  බ්ලොග්   ලිපිනය   ඇතුලත්   කර  , එහි   බ්ලොග්  ෆීඩ්   එක  එය මගින්ම   සොයා  ගැනීමට   Search   මත   ක්ලික්   කර ..  අංක  2න්  එය   add   කර ,  අවසානයේ   Done මත ක්ලික්   කිරීමෙන්    සිදු   කරගන්න   පුළුවනි .....මේ   විදිහට  ඔයාල  නිතරම    ගොඩවෙන    බ්ලොග්   ටික   ඉහත  ක්‍රමය යොදාගෙන   මේ එකස්ටෙන්ෂන්  එක   හරහා subscribe  වෙන්න .....  මේක බ්ලොග්   පෝස්ට්   වලට   පමණක්    නොවයි ... බ්ලොග් වල  කොමෙන්ට්  වලටත්    කරගන්න.....පුළුවනි... එහෙනම් මට හම්බවුන  ඔයාලටත්  වැදගත්වෙයි  කියල  හිතුනු  දෙයක්   ඔයාලටත් දුන්න....... එහෙනම්   ඉතින්  පාවිච්චි කරලා ...හොද   නරක ...කියන්න  ඔයාලට  බාරයි ....



14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේකත් වැදගත්.. මමනං ක්‍රෝම් නෙමෙයි.. ඒ නිසා බැරි වෙයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට.... ක්‍රෝම් නෙමෙයි නම් මේක වැඩක් වෙන්නේ නැහැ....

      Delete
  2. තැන්ක්ස් සංජය... එකස්ටෙන්ෂන් එක මමත් එකතුකලා

    ReplyDelete
    Replies
    1. හොදයි වැදගත් ද බලන්න..

      Delete
  3. නියම වැඩක්. ඒත් ක්‍රෝම් වලට විතරද පුළුවන්..

    ReplyDelete
    Replies
    1. ඔව් දැනට නම් ක්‍රෝම් වලට විතරයි වැඩ,,,,

      Delete
  4. හොද දෙයක් වගේ...

    ReplyDelete
    Replies
    1. ඔව් හොද වැදගත් දෙයක්...

      Delete
  5. ස්තූතියි! සංජය මේ වගේ දේවල් නොදන්නා අපට හරිම වැදගත්. අද හදිසියේ බැලුවෙ. ආයෙත් හිමිහිට බලලා මේ දේ එකතු කර ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ඔව් බලන්න ...තව වැදගත් වෙන දේවල් ගොඩක් තියෙනවා.....

      Delete
  6. ස්තුතියි නිශාන්

    ReplyDelete
  7. ස්තුතියි අදත් වැදගත් යමක් සන්ජයගෙන් !

    ReplyDelete