එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 23, 2012

දැන් ගෙඩිය පිටින් Word , Excel , pdf , power point ෆයිල් බ්ලොගර් පොස්ට් එකට එකතු කරගන්න මෙන්න බඩු .....


          සුබ දවසක්  ...බ්ලොගර්  බ්ලොග්   ලියන   අපේ   සහෝදර  සහෝදරියන්ට    අමුතුවෙන්   හදුන්වල  දෙන්න    දෙයක්   නැහැ..බ්ලොග් පොස්ට්   එකකට  වීඩියෝ  එකක්  ,  පින්තුරයක්   එකතු  කරගන්න    විදිහ,, ඒවා  පැහැදිලිවම   බ්ලොගර්   මගින්   බ්ලොග්   පොස්ට් එඩිටර්    එකටම   එකතු   කරලා    තියෙනවා...  නමුත්  Word , Excel , pdf , power point    වැනි  ෆයිල්   යම්  අවස්ථාවකදී   බ්ලොග්  පෝස්ට්   එකකට  එකතු  කරගන්න   වුනොත් , එය  සදහා  අපට  කෙලින්ම   බ්ලොගර්  එඩිටර්  එකේ  පහසුකමක්   සපයා    නැහැ...

ඒ   සදහා   මුලින්ම   මේ   ෆොර්මැට්   වලින්    යුත්   ෆයිල්   ටික  cloud   storage   එකකට   අප්ලෝඩ්  කරගත  යුතුවෙනවා .....ඒ  සදහා  ඔබගේ  ජීමේල්  යුසර්නේම්  පාස්වඩ්  ඉදිරිපත්  කර    google drive   වලට පිවිසෙන්න ....මෙහිදී  අප්ලෝඩ්   මත ක්ලික්   කිරීමෙන්  බ්ලොග් පෝස්ට් එකට  අවශ්‍ය  Word , Excel , pdf , power point  ෆයිල්  ටික   google drive   වලට   අප්ලෝඩ්    කරගන්න....


දැන්   අප්ලෝඩ්    කරගත්   Document    එක    මත  ඩබල්   ක්ලික්   කරන්න......උදා....  මෙතනදී    අරගෙන තියෙන්නේ  pdf   ෆයිල්   එකක්.....
ඊට    පසු  එහි   file   මෙනුවේ    ඇති  Embed this PDF  මත   ක්ලික්    කරන්න.....

ඊට   පසුව    පහත  රූපයේ  පරිදි  බ්ලොග්   පෝස්ට්   එකට    html  වශයෙන්  එකතු  කරගත    හැකි   කෝඩ්   එක   ලබාදෙනවා....එය    කොපි   කරගෙන   බ්ලොග්  පෝස්ට්  එකේ html   කොටසට     එකතු     කරන්න



මේ    විදිහටම     ඔයාලට   බ්ලොග්   පෝස්ට්  එකකකට  Word , Excel ,  power point  ෆයිල්  එකතු    කරගන්න    පුළුවනි ....
12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. වටිනවා...ස්තුතියි..!

    ReplyDelete
  2. හරිම ප්‍රයෝජනවත් දෙයක් දැනගත්තා. එලස්!!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි .....මොකද මුනත් තහඩුව වෙනස් කරලා/......

      Delete
  3. ගොඩක් වටින තොරතුරු ටිකක් සංජය අයියේ

    ReplyDelete
  4. Replies
    1. ස්තුතියි ... මේ පැත්තට ආවට....

      Delete