එකතු වුන කට්ටිය ........

යාළුවා

Sunday, December 30, 2012

බ්ලොගර් බ්ලොග් - සයිඩ් බාර් එකේ ඉඩනැති බ්ලොග් රෝල අලුත් පිටුවක දාගමු...

සාමාන්‍යයෙන්  අපට බ්ලොගර්   වලින්    ලැබෙන   බ්ලොග් ලිස්ට්  එක   හෙවත්    බ්ලොග්    රෝල ..අපි   එකතු    කරන්නේ  බ්ලොග්    එකේ   සයිඩ්   බාර් එකට   ..ගැජට්     එකක්   වශයෙන් .. මෙහිදී    සමහර   වෙලාවට   බ්ලොග්   එකේ   සයිඩ්   බාර්    එකට   අපි    එකතු   කරලා    තියෙන  ගැජට්   නිසා  බ්ලොග්   රෝලට    බොහොම   සීමිත  ඉඩක්    තමයි  දෙන්න  පුළුවන්   වෙන්නේ......  මේකටත්  විසදුමක්   වශයෙන් බ්ලොග්   රෝල අලුත්   පිටුවකට  ( page)   එකතු    කරගන්න  තමයි    අද   සුදානම්  වෙන්නේ...
මුලින්ම  නොදන්නා   අයට   දැනගන්න   එක්ක   අලුත්   පිටුවක්  ( new  page)  බ්ලොග්   එකට    එකතු    කරගන්නේ   කොහොමද   බලමු...
මුලින්ම    blogger  dashboard ......ලොග් වී
Pages .....Newpage ......... Blank page    වෙත    යන්න...



මෙහිදී  Page Title  එකට    තමන්ට   කැමති    නමක්   එකතු   කර   publish    මත   ක්ලික්   කරන්න..




එවිට    අලුතින්  නිර්මාණය   කල  page  එක   මෙන්න   මේ   වගේ    page   list එකට    එකතු   වෙනවා
අවසානයේ  Save   arrangement   මත   ක්ලික්   කරන්න......


හරි   දැන්   home  page   එකට   අමතරව   blog roll  නමින්   page   එකක්   හදාගෙන    ඉවරයි ..  දැන්    කරන්න    තියෙන්නේ    බ්ලොග් එකේ   සයිඩ්  බාර්    එකේ  තියෙන    බ්ලොග්   රෝල    ,,,මේ  පිටුවට   එකතු   කරගන්න    එක....
ඒ    සදහා    මුලින්ම

blogger  dashboard   වල  Layout  වලට    යන්න ... එහි   සයිඩ්  බාර්   එකේ   ඇති  බ්ලොග්   රෝල  (my blog list )  ගැජට්    එක    blog  post   එකට   ඉහලින් සිටින  සේ    සකසා  ගන්න. ( drag  and  drop)  මගින්
පහත   රුපය   පරිදි ....  අවසානයේ    Save   arrangement   මත   ක්ලික්   කරන්න......


දැන්  ඊලගට  blogger  dashboard   වල template ...............edit html  ගිහිල්ලා   CTRL + F  මගින්
පහත   කෝඩ්   එක   හොයාගන්න.

]]></b:skin>
ඊට පහලින් පහත කෝඩ් එක එකතු කරන්න

<b:if cond='data:blog.url != &quot;http://yourblog.blogspot.com/p/blog-r.html&quot;'>
<style>
#BlogList1{
display:none;
}
</style>
<b:else/>
<style>
#Blog1, .column-right-inner{
display:none;
}
</style>
</b:if>
මෙහි රතු පාටින් ඇති http://yourblog.blogspot.com/p/blog-r.html     ඔයාල   කලින්   සාදපු   පිටුවේ  url  එක  දෙන්න..  අවසානයේ    ටෙම්ප්ලේට්  එක   save   කරන්න   අමතක   කරන්න   එපා...
දැන්  ඔයාල  අලුතින්   සෑදුව   පිටුවට ( blog  roll )  වලට   ගිහිල්ලා   බලන්න...  මේවෙනකල්  සයිඩ්   බාර්   එකේ   තිබුන   බ්ලොග්  රෝල  එතනින්  අතුරු දහන් වෙලා... අර  page   එකට  එකතු  වෙලා    තියෙයි;;;

මේ  බ්ලොග්   රෝල  තවත්   ලස්සන    කරගන්න   විදිහ   ගැන  මම ලියපු පොස්ට් එක මෙතැන තියෙනවා ...කැමති අයට බලන්න පුළුවනි ...

31 Comments
Tweets
Fb Comments

31 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. පට්ට මචං.. මමත් මේක නම් දාගන්නවා. මං සයිඩ් බාර් එකට නොදැම්මෙ ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යන නිසා..

    තැංකූ තැංකූ !

    ReplyDelete
  2. සංජය මලේ මං ඔයාගේ පෝස්ට් 2ක් එකතු කරල මගේ එක හැදුවා. ඔයාගෙ පරණ පෝස්ට් එකේ ලින්ක් එකත් දාන්න මෙතනටම අනිත් අයට දැන ගන්න..

    ඔයාගෙ මෙන්න මේ පෝස්ට් එක (http://www.sanjaya-ranasinghe.com/2012/12/blog-list.html)
    විදියට මේ බ්ලොග් රෝල් පිටුව හැඩ කර ගන්න පුළුවන්..

    මෙන්න මං හදපු විදිය.. http://www.yasith.net/p/blog-page.html

    ගොඩක් ස්තූතියි! Think Different

    ReplyDelete
  3. වටිනා ලිපියක්...වසන්තයේ පැතුම් මල් පුදින සුබම සුබ නව වසරක් වෙවා...

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ සචිත් ඔබටත් සුබ නව වසරක් වේවා...

      Delete
  4. ගොඩක් දවසකට පස්සේ මම මේ පැත්තට ආවේ
    තැන්ක්ස් සංජය මමත් බ්ලොග් රෝල වෙනස් කළා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ ලහිරු ගොඩ කාලෙකින් නේද මේ පැත්තට ආවේ ....මම හිතුවේ අලුත් ජොබ් ඒකත් එක්ක බ්ලොග් අමතක වෙලා කියලා..

      Delete
  5. පිස්සු හැදෙනවා නියම වැඩක්නේ සංජය. බොහොම ස්තුතියි කියා දුන්නට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ නලින් අයියත් ගොඩ කාලෙකට පස්සේ මේ පැත්තේ ඇවිල්ලා තියෙන්නේ.....

      Delete
  6. හොඳ විස්තර ටිකක් නියමයි. ආයෙත් එන්නම් ඉඩ තියෙන වෙලාවක..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ සුලා ඔබගේ පළමු පැමිණීමට .....ආයෙත් එන්න ගෙදර දොරවල් හැමදාම ඇරලා තියෙන්නේ ....

      Delete
  7. ස්තූතියි ! සංජය. වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
  8. ස්තූතියි ! සංජය. වාසනාවන්ත නව වසරක් වේවා!

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම සුබ පතල තියෙන්නේ... ඔබටත් එසේම වේවා...

      Delete
  9. මං මේක උදේ කියෙව්වට කමෙන්ට් කරලා නෑනේ. වැඩේ හොඳයි සංජය. තවම දැම්මේ නෑ. ඉදිරියේදී දා ගන්නම්.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ චන්දන ... මට මතක විදිහට ඔයාට මේ වගේ දෙයක් කරන්න ඕනෑ වෙලා තිබුන නේද?

      Delete
    2. ඔව්. මං සංජයගෙන් මේ ගැන ඇහුවා.

      Delete
  10. අලුත් කරුනු.
    පැහැදිලිව සටහන් කිරීමට ස්තුතියි...!

    ReplyDelete
  11. චන්දන අයියා හොයහොය හිටියෙත් මේක තමයි... මං දැං දාගන්නවා...

    ReplyDelete
  12. ස්තුතියි සංජය..මේ ටිකේම දාපු පෝස්ටු වලින් ගොඩක් දේවල් ඉගෙන ගත්තා..
    ඔයාට සුභ නව වසරක්..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රූ .... ඔබටත් සුබම සුබ නව වසරක් වේවා ....

      Delete
  13. එල නියම පොස්ට් එක

    ReplyDelete
    Replies
    1. එල එල වලස් පුංචා ....සුබ නව වසරක් ....

      Delete
  14. මචන් මට මේකෙ ( පේජ් එකේ) URL එක ගන්නෙ කොහොමද??

    ReplyDelete
    Replies
    1. page එක තියෙන ටැබ් එකට කර්සර් එක ගෙනියන්න රයිට් ක්ලික් කරලා ඊට පසුව copy link
      address මගින් පේජ් එකේ) URL එක ගන්න පුළුවනි ..

      Delete
  15. එල වැඩක්නේ.. ඔක්කොම කියවන්න වෙලා මදි.. ආයෙ ඇවිත් හිමීට කියවල කරල බලන්නම්.. ස්තූතියි

    ReplyDelete