එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, December 28, 2012

බ්ලොගර් බ්ලොග් එකේ comment වල font size , color තමන්ට කැමති පරිදි වෙනස් කරන්න ඕනද?

  සුබ    දවසක්   අදත්     බ්ලොග්  එක   පැත්තට   ආවේ බ්ලොගර්  වලින්   බ්ලොග්   ලියන සහෝදර   සහෝදරියන්ට  වැදගත්   වන   දෙයක්   අරගෙන  ..... කීප දෙනෙක්ම  දැනට   මගෙන්  අහල   තියෙනවා   බ්ලොග්  එකේ    ෆොන්ට්  සයිස්    එක   වෙනස්    කරගන්නේ     කොහොමද    කියල ...ඒ  ගොල්ලන්ටත්   වැදගත්   වන    නිසා  අද  අපි  බ්ලොග්   එකේ  කොමෙට්න්ට්   වල    font size  , color   වෙනස්     කරන්නේ   කොහොමද  බලමු ...

මේ    සදහා     අප   භාවිතා  කරන්න    යන්නේ   blogger  template   designer  එක ....
ගොඩ   දෙනෙක්   දන්නවා   මේ    පහලින්    තියෙන්නේ    ඒක  තමයි ....

මේ   සදහා  බ්ලොගර්  වල   dashboard  වලට    ගිහිල්ලා  ,  template  >>> customise   තෝරාගන්න  ..



එහි    ඇති  Advanced  මත   ක්ලික්    කලවිට   අපට   මෙම    බ්ලොගර්   ටෙම්ප්ලේට්  එකේ  වෙනස්   කරන්න  පුළුවන්   අගයන්( variable )   ටික   තියෙනවා.....  අර  කිපදෙනෙක  අහපු  බ්ලොග්  එකේ    ෆොන්ට්  සයිස්  එක   වෙනස්    කරන    එක    මෙතනින්      කරගන්න   පුළුවනි ..

නමුත්  මෙහිදී   අපට    අවශ්‍ය   වන   බ්ලොගර්  comment   වල    ෆොන්ට්  වල  ෆොන්ට්  සයිස්  , කලර්  එක   වෙනස්    කරන්න   බ්ලොගර්   template   designer    එකේ   හදුන්වා  නැහැ....ඒ    නිසා    අපට    ඒ   සදහා   අපට   මුලින්ම  අපේ  බ්ලොග්   එකේ   /*  variable definitions   වලට  පහත    කෝඩ්    එක   එකතු    කරන්න ,,

ඒ සදහා  blogger dashboard , template , edit html     වලට     ගොස්    ctrl +  F  මගින්   
/* Variable definitions    කොටස   සොයාගෙන   එයට    පහලින්   පහත    කෝඩ්    එක    එකතු   කරන්න.


<Group description="Comment Font" selector=".comments .comments-content .comment-content, .sdr"> 
<Variable name="sdrcommentfont" description="Comment Font" type="font" default="normal normal 100% 'Trebuchet MS', Trebuchet, Verdana, Sans-serif" value="normal normal 20px Arial, Tahoma, Helvetica, FreeSans, sans-serif"/> <Variable name="sdrcommentcolor" description="Comment Color" type="color" default="#000000" value="#7300e6"/>
 </Group>
ඊට   පසුව   ඉහතින්  හදුන්වා දුන්න   variable  එක   අපේ   බ්ලොග්   ටෙම්ප්ලේට්   එකේ  css
කොටසට    එකතු   කරන්න      ඕනෑ... ඒ   සදහා  පහත   කෝඩ්  එක css  වලට      එකතු   කර   අවසානයේ   ටෙම්ප්ලේට්     එක  සේව්  කරන්න.....


.comments .comments-content .comment-content, .sdr{
    font: $sdrcommentfont;
    color: $sdrcommentcolor;

}


දැන්  ආපසු  මුලින්    මුලින්   සදහන්   කල පරිදි  බ්ලොග්    එකේ   blogger  template   designer  එකට   පිවිසෙන්න ...එවිට   මෙන්න   වගේ   අපි   අලුතෙන්  එකතු   කල  variable   එක  comment   font   නමින්  බ්ලොගර් template   designer  එකට   ඇතුළුවෙලා     තියේවි ...දැන්    තියෙන්නේ   මෙතනින  අපට   අවශ්‍ය   පරිදි  font size  , color   තෝරාගෙන   අවසානයේ  apply  to blog මත   ක්ලික්   කරන   එකයි ....  පහත    රූපය   බලන්න....   වැඩේ   පැහැදිලි   වෙයි ....








23 Comments
Tweets
Fb Comments

23 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේක නං බොහොම වටිනව. මටත් කමෙන්ට්ස් වල අකුරු ලොකු කරගන්න විදිහක් නැතුවයි හිටියේ. දැන් ඒක හෙමිහිට හදාගන්න පුලුවන්.
    සංජය ට බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොත් ගුල්ලා දැන් කරලා බලන්න...

      Delete
  2. එළ.. මේ විදියටම පෝස්ට් වල ෆොන්ට් සයිස් එකත් වැඩි කරගන්න බැරි වෙයිද මලේ ?

    ReplyDelete
    Replies
    1. පුළුවන් මේ ඒ ගැන දාල තියෙන්නේ..දැක්කේ නැද්ද?

      Delete
  3. ස්තුතියි සංජය..
    ඇඩ්මින් කෙමෙන්ට් වෙන පාටකින් පෙන්න්න හදාගන්නෙ කොහොමද?

    ReplyDelete
    Replies
    1. සංජය මේ ලින්ක් එක වැරදිලා.. මේකේ අගට html වෙනුවට වැටිලා තියන්නේ htm විතරයි.

      Delete
    2. ස්තුතියි චන්දන ඔව් මමත් පස්සේ දැක්කා ...කොහොමත් බලන කෙනා අගට L අකුර එකතු කරගෙන බලයි කියලා හිතුන නිසා ආපහු මැකුවේ නැහැ...

      Delete
    3. ස්තුතියි සංජය..වැරදි ලින්ක් දාන්න එපා අයියෝ..අපි අමාරුවේ වැටෙනවානේ..!!
      චන්දන කියපු නිසා ගොඩ ගියා..හික්ස්..

      Delete
    4. පොඩි අතපසු වීමක් ගනන් ගන්න එපා....

      Delete
  4. සී.එස්.එස්. වලට මීට කළින් මොනව හරි දාල තියෙනවනම් මොකද කරන්නේ?

    ReplyDelete
    Replies
    1. කිසිම ප්‍රශ්නයක් නැහැ...එකතු කරන්න..

      Delete
  5. ස්තුතියි සංජය :)

    ReplyDelete
  6. ප්‍රයෝජනවත් තොරතුරක් වෙනද වගේම..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන හැමදාමත් මේ පැත්තට ගොඩවෙනවට

      Delete
  7. බොහොම වැදගත් මචං..!

    ReplyDelete
  8. Replies
    1. ඔබවත් මෙහෙට සාදරයෙන් පිලිගන්නවා අදමනේ ආවේ...

      Delete
  9. අහ්හ්....ස්තුතියි සංජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමනලී පාවිච්චි කරලා බලන්න....

      Delete
  10. /* Variable definitions කොටසට ඒ කෝඩ් එක එකතු කලාට පස්සේ ඒක සේව් කරලා ආපහු ටෙම්ප්ලේට් වලින් customize වලින් ගිහින් නේ css කෝඩ් එක දාන්න තියෙන්නේ? මන් හිතන්නේ එතන මට තේරුණේ නෑ වගේ. :(

    ReplyDelete