එකතු වුන කට්ටිය ........

යාළුවා

Thursday, December 13, 2012

බ්ලොගර් බ්ලොග් එකේ " bullet icon " එකට තමන් කැමති පින්තුරයක් එකතු කරමු /...

බ්ලොග්   ලියන  සහෝදර   සහෝදරියන්ට   වැදගත් වන  දෙයක්  අදත්  අරගෙන  ඇවිල්ලා  තියෙන්නේ ..
දිගු ලිපියක්  සාරාංශ කර ලිවිමේදී  අපට   බහුල   වශයෙන්ම   මේ  bullet  icon  එක   පාවිච්චි  වෙනවා..
බ්ලොගර් බ්ලොග්  එක්ක   " bullet  icon "    එක   කියන    සමහරවිට   එක පාරටම   මතකයට  නොඑන්න  පුළුවනි ..  .මේ   තියෙන්නේ   බ්ලොගර්   පෝස්ට්    එඩිටර්   එකේ   bullet  icon   එක  බ්ලොග්  එකකට  ඇතුලත්  කරගැනීමට  අපට ලබාදෙන   බටන්   එක ..දැන්  පැහැදිලි  ඇතිනේ ...මේ   මගින්   අපට  බ්ලොගර් වලින්ම   ලබාදීලා   තියෙන bullet  icon  එක  පොඩි  කලුපාට  බෝලයක්    වැනි    එකක්...ඔන්න  ඔය icon   එක   වෙනුවට   අප  කැමති  රූපයක්  එකතු    කරන්න    තමයි ...අද  සුදානම්  වෙන්නේ....
මේ   පහලින්   තියෙන්නේ   අපට   බ්ලොගර්    bullet  icon  එක    යොදා  සදා  ගෙන   ඇති  ලිස්ට්   එකක්

මේ   තියෙන්නේ   අපට  ගැලපෙන රූපයක්   bullet  icon  එකට     එකතු   කලාට පස්සේ  අපට    පෙනෙන   විදිහ


හරි   දැන්  ගොඩක්ම   පැහැදිලි    ඇතිනේ   අද   මොකක්ද  මේ   කරන්න   යන්නේ  කියලා  ....ඒ   සදහා  මුලින්ම    බ්ලොගර්   වල   dashboard >>>template >>>>edit html >>>proceed   මතට   ගිහිල්ලා 
ctrl + f   මගින්      පහත  කෝඩ්   එක     හොයාගන්න...

 ]]></b:skin>

ඊට   උඩින්   පහත  දැක්වෙන   කෝඩ්  එක    එකතු      කර  ටෙම්ප්ලේට්   එක   save   කරන්න....

.post ul {list-style:none;} .post ul li { line-height: 1.8em; background: transparent url(http://2.bp.blogspot.com/-lBQxMW4rn80/UMj8dPcHCrI/AAAAAAAADLQ/Lb5Tx7Duyms/s400/137icon3.png) no-repeat scroll 0px 4px;  margin: 0.3em 0;  padding: 0 0 0.8em 20px; }


මෙතනදී  මේ   නිල්  පාටින්    තියෙන්නේ   අප  එකතු   කරගන්න  පින්තුරේ  url   එක   ... මෙවැනි   පින්තුර එකතු   කිරීමේදී  එහි  ප්‍රමාණය   අපට  සැලකිලිමත්  වන්න  වෙනවා... මොකද  එහෙම  නැති වුනොත්   පින්තුරය  ලයින්  එකෙන්  පිටට  යන   නිසා.... එහෙනම්   බ්ලොගර්  වලන්  මේ  bullet  icon    එකට   දී   ඇති  default   icon   එක  වෙනුවට  තමන්ගේම  icon   එකක්    ඇතුලත්  කරන්න..... ජය වේවා.......


12 Comments
Tweets
Fb Comments

12 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සාමාන්‍යයෙන් දෙන ඩොට් එකට වඩා පෙනුමක් එනවා එහෙම දැම්මම. එල.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වෙනස් කරගෙන බලමු ...කොහොමද කියලා... ;;)

      Delete
  2. අද සුකුරුත්තං පාඩමක් නේ....

    ReplyDelete
  3. ඔව් ඔව් ඒවත් ඉතින් නොදන්න අය ඉන්නවනේ .. ස්තුතියි..

    ReplyDelete
  4. ස්තූතියි!

    ReplyDelete
  5. ඒල...කරල බලන්න ඔනෙ....

    ReplyDelete
    Replies
    1. ස්තුතියි෴ අදමද කොහෙද මෙහෙට ආවේ ...කරලා බලන්න....

      Delete
  6. සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්...සුපිරි..

    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබගේ ප්‍රතිචාරයටත් ....

      Delete
  7. bullet icon පින්තූරෙ සයිස් එක කොච්චර විතර වෙන්න ඕනද ?
    ස්තූතියි!

    ReplyDelete
  8. සාමන්‍යයෙන් බ්ලොගර් Favicon එකක් බ්‍රවුසර් එකේ පෙන්වන ආකාරයේ වැනි පින්තුරයක්‌ යොදාගන්න පුළුවනි ....

    ReplyDelete