එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 16, 2012

ස්පෑම් ඊමේල් එනවද... දෙමු වැඩක් ..

අන්තර්ජාලය  පාවිච්චි  කරන  හැමෝටම   තියෙන   ප්‍රශ්නයක්  තමයි ,,  මේ   ස්පෑම්  ඊමේල්  ,   ඉන්බොක්ස් එකට    නිතර  ලැබීම...   සමහර  වෙලාවට  අපට  වැදගත් ඊමේල්   එකක්  වුනත්    මේ  ස්පෑම්  ඊමේල්   ගොඩ  නිසා  සොයාගැනීමට     අපහසු  වෙනවා...මේ   ස්පෑම්  ඊමේල්  කරදරය   අඩුකරගන්න  අපිට  ලෙහෙසියෙන්ම  කරගන්න  පුළුවන්   පොඩි   උපක්‍රම  කිහිපයක්   තමයි  ..අද  ඔයාලට   කියලා   දෙන්න   හදන්නේ

 1.    tEMPORARY / DISPOSABLE    EMAIL     හාවිතය ....

Temporary/ Disposable  Email කියන්නේ   අපට  සුළු කාලයක්  තුල පාවිච්චි   කර  ඉවත  දමියහැකි   ඊමේල් වර්ගයක් ..කෙටි   කාලයක්  තුලදී   මේ   ඊමේල්  ඉබේම   Expire   වෙනවා.... මේක  අපට     ගොඩක්    වෙන්නේ   සමහර  සොෆ්ට්වෙයාර්  ,  ebook   free  package    දෙන  වෙබ් අඩවිවලට   ගියහම...අපට  ඊමේල්  එකක්  ඉල්ල්ලනවා .. link  එක   දෙන්න ... එවැනි  වෙලාවල්  වලදී  අපගේ  ප්‍රදාන ඊමේල්  එක   වෙනුවට   තාවකාලික  ඊමේල්   එකක්  දෙන්න  පුළුවනි ...

මේ   පහලින්   තියෙන්නේ   ඒ   වගේ  නොමිලයේ  Temporary   ඊමේල්   හදාගන්න  පුළුවන්  වෙබ්   අඩවි
1  www.10minutemail.com


2.http://spambox.us/
    මෙහි  Temporary  ඊමේල්   එක  අවුරුද්දක්   දක්වා     තබාගන්න    පුළුවනි.....


 2.  ඊමේල්   ලිපිනය   පින්තුරයක්   බවට    පත්   කර   පාවිච්චි  කිරීම.......

මේ මගින්   වෙන්නේ   ඊමේල්  ලිපිනය  ,  පින්තුරයක්  අස්සේ  සගවනවා   වගේ    දෙයක් 
ඒ   සදහා  නොමිලයේම    කරගන්න පුළුවන්  ..වෙබ්   අඩවි  අතරින්  එක්ක  ඔන්න   පහලින්     තියෙනවා......


   3 .  " @  "    වෙනුවට    (at )   භාවිතා  කිරීම... 

ෆෝරම්  එකක  ,    හෝ   සමාජීය   වෙබ්   අඩවියක  ,,   ඊමේල්   එක   හුවමාරු  කරගැනීමේදී   @  වෙනුවට  (at)  යොදාගෙන    ඊමේල්    එක   සකසා    ගන්න     පුළුවනි ..... උදා...  
san1980@yahoo.com    යන    ඊමේල්    එක   san1980(at)yahoo.com     වශයෙන්   දෙන්න    පුළුවනි ....


මෙයට    අමතරව .... ඊමේල්  ස්පෑම්   අඩුකරගැනීමට..  ඊමේල් සේවාවලින්  ලබාදෙන   filter   භාවිතා  කිරීම වැනි  දේවල්   යොදාගන්න   පුළුවනි ...  මිට   අමතරව  ස්පෑම්  ඊමේල්  අඩුකරගන්න   කළහැකි   තවත්  දේවල්    තියෙනවනම් ... කොමෙන්ට්  මගින්   ඒ  පිලිබදව  දැනුවත්  කලොත්   වඩා  ..  වැදගත්...  එහෙනම්  අදට   සමුගන්නවා.....  සුබදවසක් ...

9 Comments
Tweets
Fb Comments

9 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. මේ ක්ෂනික ඊමේල් සේවාවන් හැම එකකින්ම මේ දේ කරගන්න හැකියාවක් දෙනවද? වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. ඕව් ,, අප ලබාදෙන්නේ තාවකාලික , ඉබේ නැතිවියන ඊමේල් එකක් නිසා....... ස්තුතියි ප්‍රතිචාරයට

      Delete
  2. නියමයි යාළුවා..

    ReplyDelete
  3. ගොඩක් වටින තොරතුරු ටිකක්

    ReplyDelete