එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, November 19, 2012

ඔයාල යවපු ඊමේල් එක ලැබුනේ නැහැ කියලා බොරු කියනවද? බොරුකාරයෝ අතටම අල්ලගන්න මෙන්න බඩු ....

මේ වගේ   තියෙන  වැදගත්කම  මොකක්ද  කියලා  මුලින්ම    පැහැදිලි   කරන්නයි යන්නේ...පසුගිය  දවසක අප සංගමයක්   මගින්  එක්තරා ආධාර   මුදලක්  පුණ්‍ය   කටයුත්තකට   එකතු  කිරීමට එහි  ඉන්නා   සාමාජිකයන්ට  එහි   විස්තර  ඊමේල්   මගින්  දැනුම්  දුන්නා  ... සමහරෙක්   එය ලැබුණු   බවට   කෙලින්ම  ප්‍රතිචාර   දැක්වූ   අතර ,,  තවකෙක්   අප   දුරකතනය  මගින්  විමසු   විට  කිවේ   අපට   ඊමේල්  එක ලැබුනේ   නැති   බවයි ..  අප   යැවූ  ඊමේල් සියල්ල  නිවැරදි  ඒවා වූ   අතර   මෙතන   ඔවුන්  අපහට  ඉදිරිපත්  කරන්නේ    අපට ඊමේල්   එක   ලැබුනේ   නැති බවයි .... මේ වගේ  වෙලාවක  ඔයාලට   යොදාගන්න   පුළුවන් ( ඊමේල්   එක හරියම  බැලුවාද නැද්ද)   කියා  චෙක්  කරගැනීමට  ,,  ඔයාලම   පොඩි  සරල  ටුල්   එකක්   භාවිතයෙන්     කරගන්න....පුළුවනි.....

දැන්  spypig වෙබ් අඩවියට පිවිසෙන්න...
මෙන්න   මේ වගේ  රුපයක්   තමයි   එන්නේ


මෙතනදී  ඔයාල   යවන   ඊමේල්   එක  spypig    වෙබ්  අඩවියෙන් ට්‍රැක්  කර ...  එහි   තොරතුරු   ඔබවෙත  ලබාදීම   සදහා.
  Step 1  -  වලට  sender   ( යවන්නාගේ  )   ඊමේල්  එක  ලබාදෙන්න.....
  Step 2  -   යවන  ඊමේල්   එකේ   හෙඩින්  එක ...
  Step 3  -  ඊමේල්   එකට   එකතු   කිරීමට අවශ්‍ය  වන  spyPig  tracking  image එක   තෝරා   ගන්න .
                   කෙලවරේම  තියෙන  එක තමයි වැඩේට   නියමෙටම    ගැලපෙන්නේ....
  Step 4  -    Create mySpypig    මත   ක්ලික්   කරන්න.....
  Step 5  -    පහතින්   දිස්වන ඉමේජ්   එක   කොපි   කරගන්න ... මේ  සදහා  තප්පර    60   කාලයක්    ලබදෙනවා....
  step 6 - දැන්  සාමාන්‍ය   පරිදි   යැවිය   යුතු  ඊමේල්   එක   ටයිප්  කර   ,  එහි   බොඩි   එකට   අර ඔයාල  කොපි   කරගත්ත   spyPig  tracking  image එක  පේස්ට්    කරන්න ...ඒක  සුදුපාටින්   නිසා   අපට   කිසිවක්  නොපෙනෙන   අතර   දැන්   සාමාන්‍ය  පරිදි    ඊමේල්   එක    යවන්න....  මෙහිදී   අපට   Yahoo , Gmail , AOL , Hotmail  ආදී  ඊමේල්  සේවාවන්   යොදාගන්න   පුළුවනි ... මෙය වින්ඩෝස් XP , 7    මගින්  පාවිච්චි   කිරීමට   පුළුවනි ....Firefox , google chrome  ,safari  වැනි  වෙබ් බ්‍රවුසර්  වලදී  පාවිච්චි   කරන්න   පුළුවනි ....  ඔබ යැවූ  ඊමේල්  එක  ලබන්නා  ඕපන්    කරවිට   අපට   පහත  දැක්වෙන  ආකාරයේ   Notification   ඊමේල්  එකක්   ලැබෙනවා.. එහි  ඇති  තොරතුරු   මගින්   අපට ඔහු ඊමේල්   එක   ඕපන් කලාද   නැද්ද  යන්න    හරියටම    දැනගන්න     පුළුවනි ....



     .

100 වැනි සටහන ලියවුනු වගයි

  අදට   අවුරුදු   තුනකටත්  කලින්   ඒ  කියන්නේ 2009  ඔක්තෝම්බර්  වල සිදුවුණු  මගේ   සිංහල   බ්ලොග්   ආගමනය මට  සැබෑ  කරගන්නවුනේ 2011 ජුනි 29 වෙනිදා ...එදා  තමයි  මේ සිතුවිල්ලේ  කුලුදුල් සටහන  ලියවුනේ ...  ඉතින් එදා මෙදාතුර  දිගු ගමනක්   ඇවිල්ලා .....  ඕව්  අද  මේ  ලියවුනේ  100   වෙනි  සටහන ... ඉතින්   ඒ වගේ   දවසක්  එනකම්  මම  මග   බලාගෙන   හිටියේ .....මට  මේ දක්වා  සහයෝගය   දුන්නු  සියලුම   දෙනාට  ස්තුති  කරන්න ... ............
"  මගේ   බ්ලොග් සටහනට   නිතර  ගොඩවැදී  ප්‍රතිචාර දක්වපු , නොදක්වපු  සියලුම  දෙනාටත් ,  ඒවගේම  දැනට  බ්ලොග්  එක පසුපස හබායන (ෆොලෝවර්ස් )  සියලුම   දෙනාටත් , ඊට   අමතරව  සින්ඩිකේටර  වලට මගේ බ්ලොග් එක  ඇතුලත් කර  ගනිමින්  මම  ලියපු දේවල්  ඔයාලට   ගෙනත්  දුන්නු  ඒ සහෝදර ,සහෝදරියන්ටත්  ගොඩාක්ම  ස්තුතියි ,,,,,ඔයාල  හැමදෙනාගෙන්ම  සහයෝගයෙන්  තමයි  මට  මේ  දුරක්   එන්න   පුළුවන්  වුනේ...  හැම  දෙනාටම  සුබ  දවසක් ...........

35 Comments
Tweets
Fb Comments

35 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. ලිපිය එල. 100 වන සටහනටත් සුභ පැතුම් දිගටම ලියන්න....

    ReplyDelete
  2. 100 වෙනි පෝස්ට් එකට සුබපැතුම්! තවත් ඉස්සරහට යන්න හැකියාව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉෂාන් දක්වපු සහයෝගයට...

      Delete
  3. වැඩේ නම් හොඳයි ඒත් සමහර ඔෆීස්වල වගේ ඊමේල් විතරක් තියන ඉන්ටර්නෙට් බ්ලොක් කරලා තියන හරි ලිමිටඩ් වෙච්ච තැනකදී හරි මේක වැඩ කරන්නේ නැහැ නේ.

    ReplyDelete
  4. වැඩේ නම් හොඳයි ඒත් සමහර ඔෆීස්වල වගේ ඊමේල් විතරක් තියන ඉන්ටර්නෙට් බ්ලොක් කරලා තියන හරි ලිමිටඩ් වෙච්ච තැනකදී හරි මේක වැඩ කරන්නේ නැහැ නේ.

    ReplyDelete
    Replies
    1. ඕව් ඒ වගේ තැනුත් කලාතුරකින් අහුවෙන්න පුළුවනි...... ස්තුතියි ගන්දරයා

      Delete
  5. මටත් මේක නං හෙන වැදගත්. 100ට සුභපැතුම්!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් .. මේ පැත්තට ආපු පළමු වතාවද කොහෙද

      Delete
  6. Replies
    1. ඩබල් තැන්කූ... මේ අදවගේ දවසක මේ පැත්තට ආවට...

      Delete
  7. දෙකම වැදගත්.. දෙකම කිව්වේ...?
    පෝස්ට් එකේ තියන ඒවායි මේක සිය වෙනි පෝස්ට් එකයි කියන දෙක..:)
    සුබ පැතුම් මිත්‍රයා.. තවත් දිගු ගමනක් යන්නට..!!

    ReplyDelete
    Replies
    1. හැමදාම වගේ අදත් ඇවිදින් ...ස්තුතියි මිත්‍රයා ඔයාලගේ හයියෙන් තමයි මෙච්චර දුර එන්න පුළුවන් වුනේ...

      Delete
  8. well done brother really appreciate, not only this one but also rest of the 99 ::)

    ReplyDelete
  9. oh!! comment moderation!!! not good man :(

    ReplyDelete
  10. සතකෙට සුභපැතුම්!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,,,,අදවගේ දවසක මේ පැත්තට ආවට..

      Delete
  11. මේක සෙට් වෙන සීයක්. තවත් මේ වගේ දේවල් ලියන්න. සියවෙනි පොස්ට් එකට බෙස්ට් ඔෆ් ලක්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...වෙලාවක් ලැබුනොත් සෙට්වෙමු....

      Delete
  12. ඒ මට මේ වගේ තව ට්‍රැකින් කරන්න පුළුවන් සයිට් දෙකක් තුනක් විතර කියනවද

    ReplyDelete
    Replies
    1. මටත් හම්බවුනොත් දෙන්නම් අනිවා...

      Delete
  13. 100 වෙනි පොස්ට් එකට් සුබ පැතුම් සංජය අයියේ ......
    මේ පොස්ට් එක මට නම් ගොඩක් වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මල්ලි .... හැමදාමත් අදත් මේ පැත්තට ඇවිල්ලා... ඔයගොල්ලන්ගේ හයියෙන් තමයි මාත් මෙච්චර දුර ආවේ...

      Delete
  14. ආ සීයෙක් වෙලා එහෙනං

    ReplyDelete
    Replies
    1. ඕව් ඕව් අටම් අද සීයෙක් වුනා ...

      Delete
  15. සීයට සුබ පැතුම් !!! මම හිතන්නේ මේක yahoo gmail වගේ ඒවාට තමයි වැදගත් වෙන්නේ. අවුට්ලූක් වලින් යවද්දේ මේ ෆසිලිටි එක තියෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සුදික ... ඔබ කියනවා වගේ මේක වැදගත් වන්නේ yahoo , gmail වලට තමයි ...

      Delete
  16. proxy හරහා යද්දි මේ පහසුකමට බලපෑමක් නැතිද?

    ReplyDelete
    Replies
    1. මම proxy හරහා මේක පාවිච්චි කරලනම් නැහැ..නමුත් බලපෑමක් ඇතිවෙන්න විදිහක් නැහැ මොකද අපි ට්‍රැකින් ඉමේජ් එක එකතු කරන්නේ ඊමේල් එකේ බොඩි එකට නිසා... ... ස්තුතියි රතී මේ අවස්ථාවට එකතු වුනාට....

      Delete