එකතු වුන කට්ටිය ........

යාළුවා

Monday, December 24, 2012

Google වල හැමදේම හොයනවනේ මේ විදිහට හොයල තියෙනවද ?

සුබ   දවසක්  හැමදෙනාටම  ...අපිට  මොකක් හරි  දෙයක්   ගැන    විස්තර   හොයන්න වුනොත්  දැන්   අපි ලේසියෙන්ම   කරන්නේ  ඉන්ටෙර්නෙට්    එකට   ලොග්   වෙලා  google    වල  search   කරන   එක..අන්න එහෙම   google   search   වලින්  අපට   හොයාගන්න   පුළුවන්  ගොඩක්   දේවල්  තියෙනවා  අපි  ගොඩදෙනෙක්   නොදන්න.....අප හරියට   search  කරගන්න   දන්නේ   නැතිනිසා  අපට   search කරපුවහමත්  ලැබෙන්නේ   අනවශ්‍ය   දේවල් ..අද පොස්ට්   එකෙන්   ඔයාලට  ඉදිරිපත්   කරන්නේ  google වල   search   කරන  අන්දම   හා  මොනවද   google   search    මගින්  හොයාගන්න පුළුවන්  කියල


1.  Google  Calculator 


  මේ  සදහා  ඔබට  ගණනය කිරීමට    අවශ්‍ය ගන්න   google   search  වල  ටයිප්   කර  අවසානයේ   =  ලකුණ    එකතු    කරන්න . එවිට  එහි   හරි උත්තරය   සමග  එහි ඇති  ඔන්ලයින්  scientific  කැල්කියුලේටර් එක  දිස්වෙනවා   මෙන්න   මේ    වගේ  ...



2.  Google  Weather ( යම්කිසි   ස්ථානයක  කාලගුණය පිළිබද   තොරතුරු  සෙවීමට)



උද :  gampaha  ප්‍රදේයේ  කාලගුණය  පිළිබද   තොරතුරු   සෙවීමට  google   search    වල
  weather gampaha   යනුවෙන්   search  කරන්න...


3.  Google  Dictionary (වචනයක  තේරුම  සොයාගැනීම  )


  වචනයක    තේරුම   සෙවීම    සදහා   define:  your  word  යනුවෙන්  ටයිප්   කරන්න.
  උදා  :  comply  යන්නෙහි   තේරුම   සදහා  define:  comply   යනුවෙන්  search  කරන්න...



4.  Google  Unit Converter 

උදා  :   සැතපුම්  56   ක්  කිලෝමීටර්  බවට   පත්කර   ගැනීමට ..
56 miles in kilometers    යනුවෙන්   search  කරන්න...  මේ   විදිහටම  අනිත්  දේවලුත් පාවිච්චි කරන්න   පුළුවනි ....


5. Google Currency  Converter 


උදා :  ඇමෙරිකන් ඩොලර් 125 ක   වටිනාකම  ලංකා මුදලින්   සොයාගැනීමට   අවශ්‍ය  නම් 
   $125 in sl  යනුවෙන්   search  කරන්න....... 


6.  යම් කිසි    ස්ථානයක  සම්මත  වෙලාව    සොයාගැනීමට 


උදා :   ඇමෙරිකාවේ   New york   නගරයේ   වෙලාව ... සොයාගැනීමට    time  new york     යනුවෙන්   search  කරන්න...... මෙන්න   මේ   වගේ 


7.  යම් කිසි පරාසයක  ඇතුලත් වන   පරිදි   search  කීරීම..


උදා :  $200 අතර  ඇති   300 $  laptop  sale ගැන විස්තර    සෙවීමට අවශ්‍ය නම්   

  Laptop for sale  $200..$300    යනුවෙන්  search  කරන්න



8.  ගුවන්  ගමන්  ගැන  විස්තර    දැනගැනීමට   ( flight schedule )



උදා :  srilankan UL 171   හි   Flight   schedule   එක  දැනගැනීමට

srilankan flight UL 171   යනුවෙන්  search  කරන්න    මෙන්න   මේ  වගේ.....



9.   යම්  කිසි   වෙබ්    අඩවියක   ඇති දෙයක්   සෙවීමට  .

උදා :  www.sanjaya-ranasinghe.com   හි   දෙයක්   සෙවීමට   අවශ්‍ය   නම් 

 site:www.sanjaya-ranasinghe.com  යනුවෙන්  search  කරන්න   ....

10 .  යම්  keyword  එකක්  අත්හැර   සෙවීමක්    කීරීම  

උදා:  ebook   සොයාගන්න   යනවා   "free "  නමැති  keyword   එක   නැති   ....
 ඒ   සදහා   ebook -free  යනුවෙන්  search  කරන්න   ....

මෙහිදී   අපට  අත්හල  යුතු  වචනයට   කලින්  -  ( මයිනස්)   ලකුණ  එකතු   කරන්න.............

 11. යම්  keyword  එකකට   සමාන  අර්ථය ඇති  සෙවීමක්    කීරීම  

මේ  සදහා  keyword  එකට   කලින්  slide ලකුණ  ~   එකතු    කරනවා
උදා :  blogger tutorials  වල   tutorials වලට   සමානවන  සියලු   දේවල්   ලබා   ගැනීමට

   blogger  ~tutorial     යනුවෙන්  search  කරන්න   ....



 12..  යම්  කිසි  පින්තුරයක්   සෙවීමේදී  


උදා  : පුටුවක්  යට  සිටින  බල්ලෙකුගේ   පින්තූරයක්   සෙවීමට     අවශ්‍ය    නම් 

  picture  dog  under the chair     යනුවෙන්  search  කරන්න   ....


13..  යම්  කිසි  ෆයිල් ටයිප්   එකකට  අදාළ    සෙවීමක්     කිරීමේදී 


උදා  :  power point  වලින්   කල  visual basic introduction     එකක්   සෙවීමට 

visual basic introduction  filetype:ppt   යනුවෙන්  search  කරන්න   ....


මේ  ඉදිරිපත්   කරලා   තියෙන්නේ  කිහිපයක්   පමණයි ... .. තව  ඔයගොල්ලොත්   පාවිච්චි  කරන සෙවුම්  විදිහවල්  තියෙනවා  නම්   පහතින්   එකතු   කරන්නත්   අමතක   කරන්න එපා ....
...............................................................     සුබදවසක් ............


36 Comments
Tweets
Fb Comments

36 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. 9,10,11,12,13 දෙනගන්න ලැබුනු එක නම් මට වටිනවා. දැනගෙන හිටියෙ නෑ

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සමි ....අද දැනගත්තානේ .....

      Delete
  2. නොදන්නා සර්චින් මෙතඩ් ටිකක් දැනගත්තා..නියමයි යාලුවා..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රති ....අපි කොච්චර නොදන්න ඒවා තියෙනවද ?

      Delete
  3. ගොඩක් ස්තුතිය් . අලුත් ටිකක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. එල එල එහෙම නම් කමක් නැහැ...

      Delete
  4. ගොඩක් ස්තුතිය් . අලුත් දෙයක් දැන ගත්තා

    ReplyDelete
    Replies
    1. එල එල එහෙම නම් කමක් නැහැ...

      Delete
  5. මම අපේ ගෙදර අයටයි නැන්දම්මලගේ ගෙදර අයටයි දැනටත් වැඩ පෙන්න‌න්නේ ගූගල් සර්ච් එකෙන්... හි හි..
    කැල් එක නම් අල්ලගෙන තිබ්බේ.. අනිත් ඒවා ටික නම් වටිනවා..

    ReplyDelete
    Replies
    1. මම ඇහුවෙත් අදයි ගෙදර අයටයි නැන්දම්මලගේ ගෙදර අයටයි ගූගල් සර්ච් එකෙන්..වැඩ පෙන්නන්න පුළුවන් කියල ...

      Delete
    2. ඇයි අප්පා..කට්ටිය බණක් ගැන කතා කරන්න ගත්තත් මං එයාලට වැඩිය දන්නවා... ටක් ගාලා හොරෙන් සර්ච් එකක් දාලා කියනවනේ... හි හි

      Delete
  6. වටිනවා ස්තූතියි

    ReplyDelete
  7. ස්තූතියි..සුබ නත්තලක්..!

    ReplyDelete
  8. කලින් දැනගෙන හිටියේ නෑනේ මෙහෙම එකක්.මාර වටිනවා මේක.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන......අද දැනගත්ත නේ...

      Delete
  9. නියමයි. Unit Converter එක නං මට අහම්බෙන් දවසක සෙට්වුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි රාජ් ගොඩක් දේවල් තියෙනවා google search වල අපි නොදන්න...

      Delete
  10. ස්තූතියි අයියා... අදමයි දැනගත්තේ..
    මං ඊයෙ එනකොට බ්ලොග් එකේ අවුලක් තිබුණා...
    අයියා මට මුළු බ්ලොග් එකේම ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න බිදිය කියල දෙනවද?
    කියුවට කමක්නැද්ද මංදා..
    මේ.. මගේ කොම්පියුටරේ ලදරමක්. ඒ මදිවට මෙහෙට සිග්නලුත් අඩුයි.. ඒ නිසා ගැජට් එකක් දෙකක් ගලවලා දාමුද? මොකද ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා...:(

    ReplyDelete
    Replies
    1. මමත් ගලවන්න ගලවන්න ඉන්නේ ගැජට් කීපයක්ම .... මුළු බ්ලොග් එකේම ෆොන්ට් සයිස් එක වැඩි කරගන්න css වල default දීල තියෙන ෆොන්ට් සයිස් එක වෙනස් කරන්න ඕනා...

      Delete
  11. එලම..... එලයි බන්... සුබ නත්තලක් වේවා මචෝ

    ReplyDelete
    Replies
    1. සුබ නත්තලක් සුදු මහත්තයා

      Delete
  12. ගොඩක් වටිනවා! ගොඩක් තුති! :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තනි අලියා....

      Delete
  13. දැන ගෙන හිටියේ නැති ඒවා තිබුනා...බොහොම ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. අපි කොච්චර නම් නොදන්න ඒවා තියෙනවද?

      Delete
  14. සන්ජය....මේ ටික නම් නියමයි....අපිටත් කිව්වට ගොඩක් ස්තූතියි......

    ReplyDelete
  15. ස්තූතියි! ඔබටත් සුබ නත්තලක් වේවා!

    ReplyDelete
  16. පට්ට සහෝ නොදැන හිටපු ඒවා ගොඩක් දැනගත්තා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශාන් ....නත්තල ජයද?

      Delete
  17. මේ විස්තර ටික ගොඩක් වටිනව.
    මේ පෝස්ට් එක බුක් මාක් කරල තියාගන්නව ඕන වෙලාවට ප්‍රයෝජනයට ගන්න.
    සංජය ට ගොඩක් පිං!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රතිචාරයට .....හා පැමිණීමට ....හැමදාමත් එන්නකෝ

      Delete