එකතු වුන කට්ටිය ........

යාළුවා

Saturday, December 22, 2012

Youtube වීඩියෝ එකට ඔයාලගේ logo එකක් එකතු කරගනිමු ...


youtube  ගැන   අපේ   සහෝදර   සහෝදරියන්ට   අමුතුවෙන්   කියන්ඩ  ඕන නැහැ ... හැමදෙනාම  දන්නවා මොකක්ද මේක   ... මොනවද   මේකෙන්  කෙරෙන්නේ  කියල ... අද  අපි සුදානම්  වෙන්නේ  මේ  Youtube  වීඩියෝ    එකකට    තමන්ගේම  logo  එකක්  එකතු   කරගන්නේ   කොහොමද   කියල
මේක   හරිම   ලෙහෙසියෙන්ම  කරගන්න  පුළුවන්  ..Youtube  වල ඉන්න    ගමන්ම ...
මුලින්ම   ඔයලා  ඔයාලගේ  Youtube  ගිණුමට   ලොග් වෙලා  Settings  වලට යන්න ..  මෙන්න   මේ  වගේ ...


එහි  ඇති   Invideo  Programming  මත    ක්ලික්   කරන්න ..   පහත  රූපය   පරිදි ...


මෙතනින්  පහත රූපය  පරිදි   feature your channel   තෝරාගන්න..



ඊට   එන  මෙනුව   මෙන්න   මේ   වගේ   .......


                        අපට   පුළුවනි  අපගේ  ලෝගෝ    එක   Youtube  වීඩියෝ  එකට   ඇතුළු    කරගන්න   .. මෙහිදී  ලෝගෝ   එකේ   position   එක ..,  ලෝගෝ   Display time   එක   අවශ්‍ය   පරිදි  තෝරාගන්න ...   මෙහිදී   ලෝගෝ   එකේ  පින්තුරය  වෙනස්   කරන්න   අවශ්‍ය  නම්   Channel  avatar custom   මත   ක්ලික්  කර   අවශ්‍ය රූපය අප්ලෝඩ්   කරන්න...   නැතිනම්   ඔයාලගේ Youtube 
ගිණුමේ එකතු  කරලා   තියෙන    රූපය   තමයි  ඔතනට   එන්නේ ,,  අවසානයේ  settings   save කරන්න.....  මේ විදිහ  කරගත්තහම   අපි  Youtube   වලට  අප්ලෝඩ්  කරන   හැම වීඩියෝ   එකකටම අපේ   ලෝගෝ  එක  එකතු  කරගන්න  පුළුවනි ....

14 Comments
Tweets
Fb Comments

14 comments:

හිතට නැගුන දේ කියලා යනව නම් ඒක මට ගොඩක් ශක්තියක් .....

  1. සන්ජය මචං..
    ඉඩ තියෙන වෙලාවක පහැදිලිකරල පෝස්‍ටුවක් දාපන්,
    අපේ වීඩියෝ එකක් කොහොමද පෝස්ට් එකට ඇතුල් කරන්නෙ..සමහර විට කීපයක්
    බයිට් ප්‍රමාණය අඩුකරල දාන්න ඕනද..පොඩ්ඩක් කියල දීපං..ස්තුතියි.

    ReplyDelete
  2. වියා ...වීඩියෝ එකක් කොහොමද පෝස්ට් එකට ඇතුල් කරන්න නම් බ්ලොග් පොස්ට් එඩිටර් එකෙන්ම පුලුවන් ඔය ෆොටෝ එක ඇතුලත් කරන තැ‍නට දකුණු පැත්තෙන් තියෙන්නේ insert video කියල එකක් අන්න ඒකෙන පුළුවන් .youtube video එකක් audio එකක් විදිහට දාගන්න ඕනනං මෙන්න මේක බලන්න.


    youtube video එකක් audio එකක් විදිහට ඇතුලත් කරගන්න විදිහ

    ReplyDelete
  3. හොඳ තොරතුරක්. වෙලාවක උත්සාහ කරලා බලන්නම්.
    සංජය මට කලින් කිව්වේ බ්ලොග් එකේ පේජ් එකක් ඕපන් කරන කොට ඒක අලුත් ටැබ් එකක ඕපන් වෙන්න දෙන ක්‍රමයක්. ඒකත් හොඳයි. එතැනදී හැම පේජ් එකක්ම ඇරෙන්නේ නිව් ටැබ් එකක නේ. එහෙම නැතුව අපිට අවශ්‍ය කරන පේජ් එකක් විතරක් නිව් ටැබ් එකක ඇරෙන්න හදන්න බැරිද..? මට ඕන වෙලා තියන්නේ මගේ බ්ලොග් එකේ තියන "අපේ බ්ලොග්" කියන එක විතරක් නිව් ටැබ් එකකින් ඇරෙන්න දෙන්න. බලන්නකෝ එහෙම පුළුවන් ද කියල.

    ReplyDelete
    Replies
    1. ලින්ක් එක මෙන්න මේ විදිහට දීලා බලන්න ...චන්දන....
      <a href="http://yoursite.com" target="_blank">YOURSITE</a>

      Delete
    2. මේක අපි පින්තුරයක් ක්ලික් කලාම පේජ් එකකට යන්න දෙන විදිහ නේද.. මට ඕනේ ටැබ් එකේ තියන නම ක්ලික් කලාම අලුත් ටැබ් එකක ඕපන් වෙන්න දෙන්න.. උදා: විදිහට මේ බ්ලොග් එකේ සයිට් මැප් කියන පේජ් එක විතරක් නිව් ටැබ් එකක ඇරෙන්න දෙන්න විදිහක්.
      මෙහෙම දුන්නට හරි ගියේ නෑ. මං නිකමට වගේ පේජ් ටයිටල් එක ඔහොම දුන්න. එතකොට නම් හරි යනවා.. ඒත් ඒ ලඟින්ම වැඩ නොකරන තවත් ලින්ක් එකක් එනවා..ඒ ලින්ක් එක නමක් නැතුව එන්නේ. ඒක හිඩන් කරන්න පුළුවන් නම් හරි..
      මං තව ටිකක් බලන්නම්. සංජය වෙන ක්‍රමයක් හොයා ගත්තොත් කියන්නකෝ.. බොහොම ස්තුතියි සංජය!!

      Delete
    3. මම හිතන්නේ අර කලින් මම දුන්නු එක ඔයාගේ වැඩේට හරියයි ...... බලන්න..

      Delete
  4. අහ්හ්... මෙන්න බ්ලොගේ බල්බ් පත්තු වෙනෝ.......
    දැම්ම ඉදන් නත්තල් වගේ.... :D
    හොදයි...හොදයි.....

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පොඩි ලයිට් වැලක් එල්ලුව.....

      Delete
  5. ශා...... එල වැඩක්..... වෙලාවක ට්‍රයි කොරලා බලන්න ඕනේ.
    කෝරලේ වලව්ව

    ReplyDelete
    Replies
    1. හොදයි හොදයි කෝරලේ මහත්තයෝ ............

      Delete
  6. කියන්නත් ලැජ්ජයි වගේ.. මං ඔය යූ ටියුබ් ගැන මෙලෝ හසරක් දන්නෑනේ..
    අත්හදා බලන්නත් බෑ මගේ මෙගා බයිට් වලට කෙලවෙන නිසා.. :(

    ReplyDelete
    Replies
    1. මෙගා බයිට් තියෙන දවසක ට්‍රයි කරලා බලන්න...............................

      Delete
  7. තොරතුරට ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. පාවිච්චි කරලම බලමු....

      Delete