එකතු වුන කට්ටිය ........

යාළුවා

Friday, November 16, 2012

ස්පෑම් ඊමේල් එනවද... දෙමු වැඩක් ..

අන්තර්ජාලය  පාවිච්චි  කරන  හැමෝටම   තියෙන   ප්‍රශ්නයක්  තමයි ,,  මේ   ස්පෑම්  ඊමේල්  ,   ඉන්බොක්ස් එකට    නිතර  ලැබීම...   සමහර  වෙලාවට  අපට  වැදගත් ඊමේල්   එකක්  වුනත්    මේ  ස්පෑම්  ඊමේල්   ගොඩ  නිසා  සොයාගැනීමට     අපහසු  වෙනවා...මේ   ස්පෑම්  ඊමේල්  කරදරය   අඩුකරගන්න  අපිට  ලෙහෙසියෙන්ම  කරගන්න  පුළුවන්   පොඩි   උපක්‍රම  කිහිපයක්   තමයි  ..අද  ඔයාලට   කියලා   දෙන්න   හදන්නේ

Wednesday, November 14, 2012

Windows right click මෙනුවෙන් දැන් ලේසියෙන්ම වැඩ ගොඩක් කරමු.....

වින්ඩෝස්  වල   රයිට් ක්ලික්  මෙනුව ,, අපට    අවශ්‍ය පරිදි  වෙනස්   කරගන්නට  වින්ඩෝස්   වල   රෙජිස්ට්‍රි     එඩිටිං  ගැන   දැනීමක්   තියෙන්න   ඕන..එහෙම  නැති  කෙනෙක්    රෙජිස්ට්‍රි     එක  වෙනස්    කරන්න  ගියොත් රෙජිස්ට්‍රි   එකට   හානියක්  වෙන්නනත්    පුළුවනි ...අන්න   එහෙම   කෙනෙකුට   වින්ඩෝස්   වල
 රෙජිස්ට්‍රි  එක   වෙනස්    කරගෙන ,  තමන්ට   පාවිචියේදී  අවශ්‍ය  වන  ෂෝර්ට්  කට්   ... ගොඩක්  රයිට් ක්ලික්  මෙනුවට   එකතු   කරගැනීමට    පුළුවන්  ,  නොමිලයේ  ලැබෙන සොෆ්ට්වෙයා  එකක්    තමයි   අද   ඔයාලට    අරගෙන   ඇවිල්ලා   තියෙන්නේ....

Tuesday, November 13, 2012

ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......

සුබදවසක්  ... ටික   දවසකින්   තමයි  බ්ලොග්  එක   පැත්තට   අවේ ......අදත්   ඔයාලට  හදුන්වල  දෙන්න   යන්නේ ඔන්ලයින්  ඉදගෙනම  පොඩි  පොඩි   පින්තූර  ඇදගන්න පසුකම්  සපයන     වෙබ් අඩවියක් ..මේ සයිට්  එකේ  රෙජිස්ටර්  වීමට   අවශ්‍ය   නැතිනිසා...බ්ලොග්  පෝස්ට්  එකකට   වුනත්   තමන්   ඇදපු  පින්තුරයක්  පහසුවෙන්  එකතු    කරගන්න  පුළුවනි 

Sunday, November 11, 2012

Electronic diagram , flow chart අදින්න ......නියම බඩුවක් ......

 සුබ දවසක්  .. ... ඉලෙක්ට්‍රොනික්   diagram /  Flow  chart    අදින්න  අපි   විවිධ    සොෆ්ට්වෙයා , ඔන්ලයින් ටුල්  හාවිතා   කරනවා  .... ඒ    අතරින්    ඔයාලට   ලේසියෙන්ම   පාවිච්චි  කරගන්න ,, නොමිලයේ   ලැබෙන   සොෆ්ට්වෙයා   එකක්    අද   ඔයාලට    හදුන්වා  දෙන්න   යන්නේ ....

Saturday, November 10, 2012

නොමිලයේ ඔන්ලයින් ෆයිල් තැන්පත් කරගන්න මෙන්න තැන් .... කැමති එකක් තෝරාගන්න.....



සුබ    දවසක්  ... ඔයාල  ඔන්ලයින්  ෆයිල් තැන්පත්  කරලා   තියන්න  විවිධ  වෙබ් අඩවි    පාවිච්චි  කරනවනේ   ... ඉතින් හැමදෙනාටම  ලෙහෙසි   වෙන්න .... ප්‍රදානම  ටික   එකතැනකට   එකතු   කරලා       දෙන්න   තමයි   අද  ලැහැත්ති  වෙන්නේ .... බලන්නකෝ   ඔයාලත්  මේවා පාවිච්චි   කරලා  තියෙනවද කියල ...ඔන්න  ගොඩක්ම   තියෙනවා  ... තමන්ට  කැමති  එක   තෝරාගන්න   පුළුවනි .....

Friday, November 9, 2012

Windows context menu ( Right click menu) ලේසියෙන්ම එඩිට් කරන්න මෙන්න නියම සොෆ්ට්වෙයාර් එකක් ...

වින්ඩෝස් වල  context   menu   එක   කියන්නේ   වින්ඩෝස්  ඩෙස්ක්ටොප්   එකේදී   ස්ක්‍රීන්  එක   රයිට්  ක්ලික්  කලවිට   ලැබෙන   මෙනු   එක  ... මේ   මෙනු එකට    අප නිතරම   හාවිතා  කරන  ෆෝල්ඩර , සොෆ්ට්වෙයාර්  , වෙබ් අඩවි   වගේ  දේවල්    එකතු   කරලා  අපගේ  පාවිච්චිය   පහසු  කරගැනීමට   සකසා   ගන්න   පුළුවනි  .. මේ    සදහා අවශ්‍ය  වින්ඩෝස් වල   රෙජිස්ට්‍රිය  වෙනස්  කර ගන්න  පුළුවන්   නියම   සොෆ්ට්වෙයාර්   එකක්   ගැන  තමයි  අදත්  ඔයාලට  කියන්න    හදන්නේ ...

Thursday, November 8, 2012

ඔන්ලයින් ෆයිල් ඉක්මන් හුවමාරුවට ..... මෙන්න පහසු තැනක් ...

  ඔන්ලයින්  ෆයිල්  හුවමාරු කරගන්න  අප විවිධ  ක්‍රම හාවිතා   කරනවා ...නමුත්  සමහර  වෙබ්අඩවි  පාවිච්චි  කිරීමේදී   අපට ඒවායේ  ලියාපදිංචි   වී   මුලින්ම   ගිණුමක්  සාදාගත   යුතුවෙනවා ...නමුත්   ඒ    සදහා  justbeamit   යොදා  ගත්තොත්  අපට  කිසිම   තැනක  ලියාපදිංචි  නොවී ,  ඉක්මන්    ෆයිල්   හුවමාරුවක්  කරගන්න    පුළුවනි ...මෙහි     යොදාගන්නේ   peer to peer  ෆයිල්   හුවමාර කිරීමේ  තාක්‍ෂණය ..

Wednesday, November 7, 2012

ඔයාලගේ තියෙන ජීමේල් එකවුන්ට් වලට එකපාර ලොග් වෙන්න කැමතිද ,, මෙන්න ක්‍රමේ ...


ජීමේල්  පාවිච්චි   කරන   සහෝදර   සහෝදරියන්ට  වැදගත්  වන දෙයක්  තමයි  .. මේ  කියන්න   යන්නේ ..ඔයාල  ජීමේල්  පාවිච්චි  කරනවා  නම්  , දැනටමත්  ඔයාගේ නමට  ජීමේල්  ගිනුම්   ගොඩක්  ඇති .... එකක්  ප්‍රදාන ව‍ශයෙන්  අනෙක්වට  වඩා  වැඩියෙන්  පාවිච්චි  කරනවත් ඇති ..මෙහෙම   ජීමේල්    ගිනුම්   ගොඩක්   තියෙන   කෙනෙකුට  හැමවිටම වෙනවෙනම  මේල්  බලන්න   ගියහම   ටිකක්  කරදරයි ..එනිසා   එක  තැනක ඉදල  අනෙක්   ඒවාට   එන   මේල්  බලාගන්න    පුළුවන්  විදිහට  ජීමේල්  ගිනුම්   ටික  හදාගන්න   තමයි   මේ    සුදානම ...

Sunday, November 4, 2012

Word ෆයිල් එකක් PDF කරගන්න මෙන්න ලේසි ක්‍රමයක් .......

සුබ දවසක් ..ඔයාල  වර්ඩ්  ෆයිල්   එකක්  PDF   ෆෝමැට්  එකකට     හරවා    ගැනීමට   විවිඩ  ක්‍රම හාවිතා   කරනවා...ඒ වගේ   ඔයගොල්ලන්ට   ලේසියෙන්ම   කරගන්න  පුළුවන්     තැනකට    තමයි    ඔයාලව    ගෙනියන්න   හදන්නේ ...මුලින්ම    මෙයට   ජීමේල්   ගිණුමක්  තියෙන්න   ඕනෑ...

Saturday, November 3, 2012

Burn note -- ආරක්ෂාව සහිතව පණිවිඩ යවන්න.. ...මෙන්න ,,,,

සුබදවසක්  හැමෝටම  ...ඔන්න   අදත්  එක   පැත්තට  ගොඩවුනේ  ඔයාලට  වැදගත්  වන  දෙයකුත්  අරගෙනයි ... අපි   හැමෝම ඊමේල්  හරහා වැදගත්  තොරතුරු හුවමාරු  කරගන්නවා ... සමහරවිට  පුද්ගලික ... රහසිගත  තොරතුරු  වෙන්නත් පුළුවන් ...ඒ  අතරට ඔයාලගේ ක්‍රෙඩිට් කාඩ් නම්බරය , පින් අංකය ,   බැංකු ගිණුමේ  පින්  අංකය වගේ   දේවල් අයිති වෙන්න  පුළුවන් ...ඉතින් මේ වගේ  පුද්ගලික දෙයක්  තුන්වැන්නෙක්  අතට පත් වුනොත්  විය හැකි   ප්‍රතිපලය බොහොම   භයානකයි...ඉතින්  මේවගේ  වැදගත්   තොරතුරක්  ආරක්ෂිතව   යවා ගන්න පුළුවන් තැනකටයි ..අපි යන්න   හදන්නේ..

Friday, November 2, 2012

බ්ලොග් පෝස්ට් එකක් නිකුත් වුන ගමන් එය ගුගල් ප්ලස්‌ පේජ් එකට auto publish වෙන්න බ්ලොග් එක හදාගත්තේ නැද්ද? මෙන්න පොඩි උදව්වක් ...

බ්ලොග්    පෝස්ට්  ලිව්වට  ,  එය පාඨකයන්  අතරට  යනවා   අඩුනම්   ,, බ්ලොග්   එකට   පැමිණෙන   ප්‍රමාණයත්  අඩුවෙනවා... මතකද  මුලින්ම අපි    පේස්බුක්   fan page  එකක්  හදලා  ..බ්ලොග්  පෝස්ට්  automatically  fan page  එකට   එකතු  කලා... එවිට     අලුත්   පෝස්ට්   එකක්  නිකුත්   වුවිට   ඒ   බව
 fan page   එකට   එන   කෙනෙකුට   දැනගන්න පුළුවනි ....මේ   කතාවත්   ඒවගේ   දෙයක්   තමයි  ...මෙහිදී  අප  පේස්බුක්   වෙනුවට  ගුගල්  ප්ලස්‌   භාවිතා  කරනවා....

Thursday, November 1, 2012

බ්ලොගර් බ්ලොග් පොස්ට් එකට TABLE එකක් එකතු කරගන්න ඕනෑද ?? මෙන්න ලේසිම ක්‍රමයක් ....


සුබ දවසක්   ටික  දවසකින්  තමයි   බ්ලොගර්   බ්ලොග්  ලියන   සහෝදර සහෝදරියන්ට    වැදගත්   දෙයක්  ලියන්න   පුලුවන්  වුනේ..  බ්ලොගර්  බ්ලොග්  පොස්ට්  එකකට  table   එකක්    එකතු  කරගන්න  නොයෙකුත්   ක්‍රම තියෙන්නේ පුළුවනි , නමුත්  ඒවා   බ්ලොග් එකට  එකතු  කරගන්න   ගියහම  HTML   ගැන   දැනුම  අවශ්‍ය  වෙනවා  .. ඉතින්  ඒවගේ   වෙලාවක  මේ  ක්‍රමයෙන්  ලෙහෙසියෙන්ම  බ්ලොග්  පොස්ට් එකට Table  එකක්    එකතු   කරගන්න    පුළුවනි..

Wednesday, October 31, 2012

Gmail වලින් මේල් යවනකොට ආරක්ෂා මදිද? මෙන්න විසදුමක්

ඊමේල්  මගින්   අප  අපගේ    තොරතුරු විශාල  ප්‍රමාණක්   සන්නිවේදනය  කරගනු    ලබනවා   ...ඔය   අතර අපගේ  වැදගත්  තොරතුරු ,,, දත්ත ,  සමහර    විට   කාඩ් වලට    රහස්‍ය    අංක  පවා   තියෙන්න  පුළුවනි ..  ඉතින්   මේ   වගේ   මේල්  එකක්  යවනවිට    එය  තුන්වැන්නෙක්   අතට    පත්වීම  වලක්වා    ගන්න   අපි   ජීමේල්  වලට   එකතු   එකතු    කරගන්න    පුළුවන්   ආරක්ෂක   උපක්‍රමයක්   තමයි   අද   මේ   ඉදිරිපත්  කරන්න     හදන්නේ

Tuesday, October 30, 2012

TwileShare මගින් twitter වල 1GB දක්වා ෆයිල් share කර ගන්න..

 twitter  කියන්නේ   ලොවපුරා ප්‍රචලිත  තොරතුරු සන්නිවේදන  ජාලයක්   ..  මෙහිදී  තොරතුරු සන්නිවේදනය වන්නේ   අකුරු 140  කින් යුත් පණිවිඩ   මගින්  .. මේවට   කියන්නේ   'tweet"  කියල ..ඉතින්   twitter  වලදි  අකුරු 140  කින් යුත් පණිවිඩක්   මගින්  අප  සන්නිවේදනය  කරන   තොරතුරට   වැඩි  වටිනාකමක්  දෙන්න පුළුවනි  එයට  පින්තුරයක් , ලියවිල්ලක්    එකතු  කරන්න  පුලුවනිනම් ... ඒ සදහා   අපට  සහය   දක්වන   Twitter App එකක්   එකතු   කරගන්න   වෙනවා.....

Monday, October 29, 2012

ජීමේල් එකේ ඉදන් යාහු මේල් එකක් ලෙසට ඊමේල් යවමු ....

සුබ  දවසක්   ,, ටික   දවසකට   පස්සේ   තමයි   බ්ලොග්  එක පැත්තට   එන්න  ලැබුනේ ....ඉන්ටර්නෙට්   පාවිච්චි  කරන බොහෝදෙනක් ට   ජීමේල් , යාහු  , හොට්මේල්  වැනි  නොමිලයේ   ලැබෙන  ඊමේල්  ගිණුම් හදාගෙන පාවිච්චි   කරනවනේ ...  සමහරු  දෙකතුනකුත්   පාවිච්චි   කරනවා   ඇති ..මේ වගේ   වෙලාවට එක එක ගිණුමට  ලොග්   වෙලා   මේල්  යවන   එක  ටිකක් කරදරකාරී   වැඩක් ඉතින්  මේ  අනික්  ඊමේල් ගිනුම්  ටික   ජීමේල්   වලට   ලින්ක්  කරගත්තොත් . ඔයාලට   ජීමේල්   වල  ඉදගෙනම  යාහු  වල  ඉදන්   යවනවා   වගේ   මේල්   යවන්න . පුළුවනි ..

Saturday, October 27, 2012

Twitter යුසර්නෙම් එකට ගැලපෙන්න ඊමේල් ගිණුමක් හදාගන්න මෙන්න තැනක් .........


සුබදවසක් .. ...පේස්බුක්  භාවිතා කරන  අයට මතක   ඇති   පසුගිය   කාලයේ   පේස්බුක්  මගින්    ඊමේල්  සේවාවක්  හදුන්වා  දුන්නා..  ගොඩදෙනෙක්  දැනටමත්  .පේස්බුක්  වලින්   ලබාදුන්නු   ඊමේල්  ගිණුම  පාවිච්චි  කරනවා   ඇති ...නමුත්  මේ  දක්වා  twitter  මගින් ඊමේල්  ගිණුමක්  තවම  හදුන්වා  දී  නැහැ... ඉතින්  ඒ  වගේ   වෙලාවකට   ඔයාලගේ    twitter   යුසර්නේම්  එකට සමාන පරිදි   ඊමේල්   ගිණුමක්  හදාගන්න   පුළුවන්   තැනකට  තමයි   ... ..අදත්  ඔයාලව   අරගෙන   යන්න   හදන්නේ..

Tuesday, October 23, 2012

Youtube video පහසුවෙන් mp3 කරගන්න ... මෙන්න තැන් ගොඩක් ...

සුබදවසක්  .....  ටික  දවසකට   පස්සේ  තමයි  ... මේ  පැත්තට   එන්න   ලැබුනේ .... youtube   video   mp3  වලට  ඔන්ලයින්  ඉදගෙනම  හරවගන්න පුළුවන්   වෙබ්  අඩවි  ගොන්නක්  අදත්  ඔයාලට ගෙනත්   තියෙන්නේ ....බලන්න   ඔයාලත්  මේවා  පාවිච්චි  කරලා   තියෙනවද   කියල ...

Friday, September 28, 2012

පේස්බුක් notification ටික SMS එකකින් ගෙන්න ගමු ...


සුබදවසක්  හැමදෙනාටම ... ඔන්න  අදත් බ්ලොග්  එක පැත්තට  අවේ ...ඔයාලට  වැදගත්   වන   තවත්  අලුත්   දෙයක් අරගෙන   මේක  අලුත්  කීවට   අලුත්ම   දෙයකුත්  නොවේ ... ඔයාලට  එන පේස්බුක්   notification  ටික SMS  එකකින් බලා ගන්න   පුළුවන්   නම් ,  නිතර  පේස්බුක්  වලට   නොයන   කෙනෙකුට  මේ   ක්‍රමය වැදගත්   වනවා... .. 

Wednesday, September 26, 2012

ක්‍රෝම් වෙබ් බ්‍රවුසර් එකෙන් හැම තැනකදීම වැඩ පසුවෙන් කරගන්නේ මෙහෙමයි ......

සුබදවසක්  හැමදෙනාටම   ..  ඔයගොල්ල ගෙදර  , නෙට් කැෆේ  ,වගේම   කාර්යාලය  තුලදීත්  පරිගණක  පාවිච්චි   කරනවනේ  ඉතින්  මෙහෙම  දෙතුන් තැනකදී    පරිගණක  පාවිච්චි    කරන   අයට   තමන්ගේ   බ්‍රවුසර්  එකේ   තියෙන   බුක්මාක් , එක්ස්ටෙන්ෂන් , සෙට්ටින්ග්ස්  එකතැනකට   එකතු   කරලා    තියාගත්තොත්   ඔයාලට නෙට්  එකට   කොහෙන්   ලොග්  වුනත්  වැඩකටයුතු   කරගන්න   පහසු  වේවි ඒ   සදහා   ගුගල් ක්‍රෝම් බ්‍රවුසර්   ඒක   අපේ   ගුගල් එකවුන්ට්  එකත්   එක්ක  එකතු කර ගන්න  තමයි   අද  සුදානම ...    

Tuesday, September 25, 2012

පේස්බුක් වල අනවශ්‍ය ෆොටෝ ඔයාලගේ වෝල් එකට ටැග් කරනවද ? මෙන්න බේත

සුබ දවසක් ,,  ඔයාලගේ  පේස්බුක්   වෝල්   එකට  යාළුවො  ඔයාගේ ෆොටෝ  ටැග්   කරනවනේ ... ඉතින්  ඒවගේ    වෙලාවට  සමහර  විට  නොගැලපෙන  පින්තුර ( අසබ්‍ය දේවල්   පවා )     ටැග්   කරන්න පුළුවන් , මොකද  ටැග්  කරපු පුද්ගලයාගේ   නම  වැටෙන්නේ නැති  නිසා ..ඉතින්   මේ  වගේ  එකක්  වුන  වෙලාවට ඔයාල   පත්වෙන  අපහසුතාවය  ආයේ   කියල   නිම කරන්න බැහැ නේද? ඉතින්  මේ  වගේ   දෙයක්   මගහැර   ගන්න පේස්බුක්  වලින්ම දීල තියෙන පහසුකමක්  ගැන   තමයි  අද ඔයගොල්ලන්ට  පැහැදිලි   කරන්න   යන්නේ...

Monday, September 24, 2012

ගූගල් ක්‍රෝම් වලදී වැදගත් බුක්මාක් වලට පාස්වඩ් එකතු කර සගවමු .....

සුබ  දවසක් ......ඔයාල ඉන්ටර්නෙට්  වලට ලොග් වීමට  එක එක  වෙබ් බ්‍රවුසර්  පාවිච්චි   කරනවා...මුලින්ම තිබුනේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර   , ඊටපසුව ෆයර්ෆොක්ස් , ගූගල් ක්‍රෝම් ,  ඔපෙරා ,, වගේ   බ්‍රවුසර්   මේ වනවිට  අන්තර් ජාලය  එකතු වෙලා   තියෙනවා... ඉතින්  මේ  බ්‍රවුසර්  වලින්  විවිධ කාරයන්   ඉටුකරගන්න  පුළුවන් ...මේ  වගේ ගූගල් ක්‍රෝම් වෙබ්  බ්‍රවුසරය  පාවිච්චි  කරන  අයට  වන   දෙයක්   තමයි අදත්  ඔයාලට   කියල දෙන්න   යන්නේ...

Sunday, September 23, 2012

SEO- Meta Description Tag එක ලේසියෙන්ම බ්ලොග් පෝස්ට් වලට වෙන වෙනම එකතු කරගන්න...

සුබදව්සක්  ... බ්ලොගර්  මගින්   බ්ලොග්  ලියන  සහෝදරයින්  දැන්   බ්ලොගර්  වල අලුත් අතුරු මුහුණත  පාවිච්චි කරනවා  නේද?   මේ   අලුත්  අතුරු මුහුනතත්  එක්ක , බ්ලොගර්  මගින්    SEO (Search Engine  Optimization  )  වලට   අදාළ  Settings  , අපේ   බ්ලොගර් Dashboard   එ‍කට   ලබාදී   තිබෙනවා  ... ඉතින් මේ  Settings  හරියාකාරව  සකසා ගත්තේ  නැත්නම්  ඔයාලගේ   බ්ලොග්  එක  Search Engine වල   සෙවුම්  අතරට  එක්   නොවීමට  ඉඩ   තිබෙනවා ...

Saturday, September 22, 2012

බ්ලොග් පොස්ට් එකේ තියෙන පින්තුර වටේට ලස්සන බෝඩර් එකක් එකතු කරමු......


සුබදව්සක්  ඔයගොල්ලන්ට.  අදත්   බ්ලොග්   ඒක   පැත්තට  ආවේ  බ්ලොග් ලියන අපේ  සහෝදර , සහෝදරියන්ට  වැදගත්  දෙයක් අරගෙනයි ...අපි බ්ලොග් පෝස්ට් ලියනකොට  ඒ වට   නොයෙක්  පින්තුර   ඇතුලත්   කරනවා ..ඉතින්   ඒ   පින්තුර   වටේට  ලස්සන   බෝඩර්   එකක්  එකතු  කලොත්   පින්තුරයට   තවත් එළියක්‌  එකතු  එකතුවෙනවා . ඉතින්   අද අපි    බලමු  කොහොමද  ඔයාලගේ   බ්ලොග්ගර්    බ්ලොග්   එකට   එකතු  කරගන්නේ   කියල ...

Thursday, September 20, 2012

පේස්බුක් එකේ ඔයාගේ යාලුවෙක් ඔයාව unfriend කලොත් ඒ බව ඊමේල් එකකින් දැනගනිමු..


සුබදවසක්  ඔයගොල්ලන්ට ...... සාමාන්‍ය  ජීවිතයේදී  වගේම පේස්බුක්  වලත්  යාළුවන්  එකතුවෙනවා  , අඩුවෙනවා ..ඕක  ඉතින් හැමෝටම පොදු දෙයක් ...සමහර  අය  නොකියාම  අයින් වෙනවා ...සමහරවෙලාවට  අපටත්  නොදනිම .. ඉතින්  මේ වගේ  වෙලාවක  ඊමේල්  එකක් ඒ   බව   දන්වා අපට   ලැබුනොත්  කෙතරම්  වටිනවද ? ඉතින්  මේ  නොමිලයේ   ලබා ගතහැකි ඊමේල් එක  ලබා ගන්න   ක්‍රමය තමයි  අද ඔයාල  කියල   දෙන්න   යන්නේ....මුලින්ම   මේකට  අපට  තුන්වන  පාර්ශවයක   සහය ලබා   ගන්න   වෙනවා....

Wednesday, September 19, 2012

දැන් Youtube video බාන්න ඩවුන්ලොඩර් , සොෆ්ට්වෙයා එපා ...මෙන්න බඩු...

සුබදව්සක්  හැමදෙනාටම ... අදත් බ්ලොග්  එක පැත්තට  අවේ ... තවත්  අලුත් අරගෙනම තමයි ....ඉතින්   අපි  youtube  එකෙන්  video  ඩවුන්ලෝඩ් කරනකොට  නොයෙක් ක්‍රම හාවිතා කරනවා... Youtube Downloader , ATUBE CATCHER   ... වගේ  ඒවා  යොදාගන්න පුළුවන් ...තවත් ඒවා   තියෙනවා ....ඉතින්  මේ  කියන්න යන්නේ ඒවා මොකුත්ම  නැතිව Youtube video ඩවුන්ලෝඩ් විදිහක්   ගැන...මම හිතනවා  video බාගන්න  අයට  මේ ක්‍රමය   ගොඩක්  වැදගත්  වෙයි ...

Tuesday, September 18, 2012

අලුත් ඊමේල් එකක් ලැබුණු විට ඒ බව SMS එකකින් දැනගන්න

සුබ දවසක්  හැමදෙනාටම... අදත්   බ්ලොග්   එක  පැත්තට අවේ ..ඔයාලට  තවත් වැදගත් වන දෙයක්   අරගෙනයි ... ඉතින් දැන්  නිතරම  ඔයාලගේ ඊමේල් එකවුන්ට්  එක  ගොඩවැදිලා  අලුතෙන් ලැබිල තියෙන  ඊමේල්   මොනවද   කියල බලන්න   අවශ්‍ය නැහැ ...මේ වැඩේ කරගත්තහම ,  අලුත් ඊමේල්  එකක්   ලැබුන විට ...ඒ  බව  SMS  එකක්  මගින් දැනගන්න පුළුවන් ....

Saturday, September 15, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් එකට අලුත් කොමෙන්ට් එකක් එකතු වුවිට ඒ බව දැනගන්න SMS එකක් ෆෝන් එකට

සුබදවසක්  හැමදෙනාටම  ...අදත්   බ්ලොග් එක   පැත්තේ  ගොඩවුනේ  ... ඔන්න   ඔයාලට වැදගත්   දෙයක් අරගෙනයි ...ඉතින්  බ්ලොග්   ලියන  අයට  තමයි   ගොඩක්  වැදගත්  වෙන්නේ   මොකද  ඔයාලගේ   බ්ලොග් පොස්ට්   එකකට   අලුත්   කොමෙන්ට්   එකක්  එකතුවූ  විට ඒ   බව SMS   එකක්  මගින්  ඔයාලගේ  ෆෝන්  එකට දැනුම්දෙනවා ... එතකොට  දාපු   පොස්ට්   එකට  කොමෙන්ට්   ලැබිල   තියෙනවද   බලන්න බ්ලොගර් වලට ලොග්  වෙලා කරදර වෙන්න අවශ්‍ය  නැහැ .. වැඩේ ලෙහෙසියි ..නිතරම කොමෙන්ට්   ඇවිල්ල  තියෙනවද  කියල බලන්න  අමාරු  අයට  .. මේක ගොඩක්  වැදගත්  වෙයි  ... 

Wednesday, September 12, 2012

Facebook වල ටැග් කරන පින්තුර Dropbox එකට එකතු කර බැකප් එකක් හදමු....


සුබදවසක්  හැමදෙනාටම ... මුලින්ම  Dropbox   එකක් කියන්නේ මොකක්ද   කියල නොදන්න   අයට   පැහැදිලි  කරන්න යන්නේ..මේකට   කියන්නේ  Cloud storage  එකක්  කියල ...මෙ මගින්   නොමිලයේ  අපට    2.5 ගිගාබයිට්  ගබඩා කිරීමේ  පහසුකමක්  ලබාදෙනවා...ඉතින්   ඩ්‍රොප්බොක්ස්  එකෙන් නොමිලයේ ලබාදෙන පහසුකම   ලබාගෙන ..  අපගේ   පේස්බුක් වල  ටැග්   කරන පින්තුර   , ඩ්‍රොප්බොක්ස්  එකට ඔටෝ  එකතු  කරගන්න   තමයි   අද   අපි   ලැහැස්ති  වෙන්නනේ..
මොකද  අපි  ටැග්  කරන පින්තුර   බොහෝවිට  අනුන්ගේ   ඒවා   නිසා , අයිතිකරු   ඒවා මකා   දැමුවහොත්  අපිටත්   එය  නොලැබී   යනවා..  ඉතින්  ඒකට  පිලියමක්   වශයෙන්  තමයි   ඒවා  අපි   ඩ්‍රොප්බොක්ස්   එකට   එකතු  කරන්නේ .

Tuesday, September 11, 2012

Feedburner වලින් බ්ලොග් පෝස්ට් Twitter වලට එකතු කරන්නේ මෙහෙමයි ...

සුබදවසක්   .....feedburner  වලින්  කෙරෙන කාර්ය පැහැදිලි මුලින්ම   කරන්නයි   යන්නේ ,, එය මගින්  බ්ලොග්  එකේ  අලුත්  පෝස්ට්   එකක්  නිකුත්වුවිට  ,  ඒ බව   පාඨකයන්ට     ඊමේල්   එකක්   මගින්   දැනුම්දෙනවා...  "ඊමේල්   මගින්   ලිපි  ගෙන්වා  ගැනීමට  මෙතනට  ඊමේල්   අංකය  ඇතුළු  කරන්න  කියල   තියෙන්නේ  ඔය මම   ඉහතදී   කියපු   දේම  තමයි ....ඉතින්   මේ ගූගල් .feedburner   පහසුකම   යොදාගෙන , බ්ලොග්   එකේ  බ්ලොග් පෝස්ට්   twitter එකට  එකතු කරන්න (Auto publish )  කරගන්න   තමයි   අද  සුදානම ...මේ සදහා   ඔයගොල්ලන්ට  කලින්  සාදාගත් Feedburner  හා   twitter 
ගිණුම් තිබියයුතු  වෙනවා ... 

Sunday, September 9, 2012

එක කෑල්ලෙන් වැඩ ගොඩයි -- Video, Mp3 පටගාල බාන්න , ස්ක්‍රීන් රෙකෝර්ඩ් , Video Converter , CD/DVD BURN කරන්න .. මෙන්න දාගන්න..

සුබදවසක්  ,,  ඔන්න   අදත්   බ්ලොග්   එක පැත්තට   ගොඩවුනේ  ඔයගොල්ලන්ට  තවත්   අලුත්  වැදගත් දෙයක් අරගෙනයි ... ඔයාල යු ටියුබ් , යාහු , MSN , Megavideo ,MySpace . .... etc   වැනි  වෙබ්  අඩවි වලින්  video ඩවුන්ලෝඩ්  කරනකොට  විවිධ  ක්‍රම පාවිච්චි කරනවා   නේද ?  ඉතින්  එම  ඩවුන්ලෝඩ්   කරන වීඩියෝ තමන්ට අවශ්‍ය file format එකට  හරවන්න ..වෙනම   converter   එකකුත්  ,  ඒවා cd/dvd  වලට  burn  කරන්න.. තවත්  සොෆ්ට්වෙයාර්  එකකුත්  යොදාගන්න   වෙනවා  .. ඉතින්  මම මේ ඔයගොල්ලන්ට හදුන්වල  දෙන්න  යන සොෆ්ට්වෙයාර්  එක මගින් ඔය ඉහත  වැඩ  තුනම  එක සොෆ්ට්වෙයාර්  එකෙන්  කරගන්න පුලුවන්   පහසුවෙන්ම ..

Thursday, September 6, 2012

බ්ලොග් වැඩ -- බ්ලොග් එකට ලස්සන text area එකක් හදමු......

සුබදවසක්  හැමදෙනාටම ... අදත්  ඔයගොල්ල  වෙත  අරන්  ඇවිල්ලා  තියෙන්නේ .. බ්ලොග්   ලියන  අයට බ්ලොග්  එකට   ලස්සන කරගන්න එකතු   කරගන්න  පුළුවන්  පොඩි  වැඩකුත්  එකක... ගොඩක් දෙනෙක් බ්ලොග් ලියුවට ඒවා ලස්සනට ඉදිරිපත්  කිරීමට අවශ්‍ය  වෙන  HTML   ගැන   වැඩි දැනීමක්  නැහැනේ ...ඉතින්   අන්න  ඒවගේ  වෙලාවට ..මෙන්න  මේ HTML   කෝඩ්   එක   මගින් බ්ලොග්  එකට   අලුත් ලස්සන පෙනුමක්   දෙන්න පුළුවන්..

Tuesday, September 4, 2012

බ්ලොග් වැඩ -ලෙහෙසියෙන්ම බ්ලොග් එකට contact form එකක් එකතු කරගන්නේ මෙහෙමයි.......


සුබදවසක්  හැමෝටම ...ඔයාලගේ   බ්ලොග්  එකට contact form එකතු තවමත්   එකතු   කරගත්තේ   නැද්ද? .... සමහර  අයනම්  එකතු  කරගෙනත්  ඇති ,....ඒ  සදහා  පහසුකම්  සපයන වෙබ්  අඩවි   ගොඩක්  තියෙනවා  .. සමහර  ඒවා  වලට  ඇතුළු වෙන්න රෙජිස්ටර්  වෙන්නත්  ඕනෑ.. ට්කක් කරදරයි ..
පොඩි කම්මැලි කමකුත් හිතෙනවා  ෆෝම් එහෙම  පුරවන්න   ගියහම... අන්න  එහෙම  අයට  බොහොම පහසුවෙන්  හා රෙජිස්ටර් වෙන්නේ නැතිව  Contact form   එකක්  හදාගන්න  පුළුවන්  තැනකට  තමයි    එක්ක   යන්න  හදන්නේ ......

Sunday, September 2, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකක යටින් තමන්ගේ අත්සන එකතු කරන්න..

සුබදවසක්   හැමදෙනාටම .. අදත් ඔයාලත් එක්ක  එකතු   වෙන්නේ  බ්ලොග්   පොස්ට්   එකකට  එකතු කරන්න පුළුවන්  පොඩි   වැඩ කෑල්ලකුත් එක්ක.. ඉහත  රූපය බැලුවහම  තේරෙනවනේ  මොකක්ද   කරන්න යන්නේ   කියල ... අපි ලියුමක් ලිවුවොත්  එහි   අගට   අපි   අපේ  අත්සන  එකතු කරනවනේ  නේද?  ඉතින්  අපි මේවගේ   දෙයක් අපේ බ්ලොග්   පොස්ට්   එකේ අගටත්  එකතු  කරගන්නයි  අද   අපි   හදන්නේ ..මුලින්ම  අපිට අපේ අත්සන හදාගෙන ඉන්නවෙනවා ... ඒ  සදහා  මුලින්ම  

Saturday, September 1, 2012

බ්ලොග් වැඩ - බ්ලොගර් පොස්ට් එකේ දිනය කැලැන්ඩර් එකක පෙනෙන විදිහට හදා ගන්නේ මෙහෙමයි.......


සුබ   දවසක්   ...ඔන්න ආයෙත්  ආවේ   ඔයාලගේ  බ්ලොග්   එකට  එකතු කරගන්න   පුළුවන්   ලස්සන වැඩකුත්  එක්කයි ..... ..මුලින්ම මෙතැනදී අපි කරන්න   බලාපොරොත්තු   වෙන්නේ  බ්ලොගර්  පොස්ට් එකේ   තියෙන  දිනය ..  අපට   අවශ්‍ය පරිදි  පරිදි කැලැන්ඩර්   එකක  දිනය   පෙන්වන   විදිහට   සකසා   ගැනීම.... කවුරු  හරි  කියන්න  පුළුවන් ..  මොනවද   මේ   මේවා ,,,  වැඩක්   තියෙනවද  කියල ...  නමුත්  මගේ බ්ලොග්   එකටත්  මේක  එකතු   කලාට  පස්සේ  අලුත් පෙනුමක්  ලැබුන ..එහෙනම්  ඉතින්  ඔයාලගේ   බ්ලොග්   එකට   මේක   එකතු කරගන්න  බලමු...

Thursday, August 30, 2012

පේස්බුක් එකේ යාලුවන්ගේ උපන්දින වලට සුබපැතුම් යවන්න අමතක වෙනවද ? .... එහෙනම් මෙතනට යන්න..

පේස්බුක් එකේ  යාලුවන්ගේ  උපන්දින වලට සුබපැතුම්  යවන්න   අමතක   වෙනවද ?  ගොඩක්   දෙනෙකුට   වෙනදෙයක්    තමයි  ඔය  අමතක   වීම... අන්න ඒවගේ  අයට  තමන්ගේ   යාලුවන්ගේ   උපන්දින   අමතක නොවී කලට  වෙලා වට , තමන් අවශ්‍ය   කරන වෙලාවට  සුබපැතුම  යවා  ගන්න   පුළුවන්  වෙබ් අඩවියක්  ගැන  කියන්න   අද   සුදානම්  වෙන්නේ , නිතර   පේස්බුක්  නොයන   අයටත්  තමන්ගේ  යාලුවන්ගේ  උපන්දින  කලින්   සුදානම්  කරලා   තියල  අවශ්‍ය  දිනයෙදී    යවන්න   පුළුවන් ... මේකට   කියන්නේ birthdayfb.com  කියල ...මුලින්ම   ඉහත  ලින්ක්  එකෙන්  යන්න..


Wednesday, August 29, 2012

බ්ලොග් වැඩ කෑලි - පේස්බුක් කොමෙන්ට් වල එකතුව බ්ලොග් පොස්ට් එකේ Footer එකට එකතු කරගන්නේ මෙහෙමයි......

         සුබදවසක් .... මීට   කලින්  අපි   පේස්බුක්  කොමෙන්ට්  බොක්ස්  එක  බ්ලොගර්   වලට   එකතු   කරගන්න  විදිහ  කියල   දුන්න   මතක   ඇතිනේ ... අලුතෙන්  ආයෙත්   එක   දැනගන්න අවශ්‍ය   නම්  මෙන්න මෙතනින් ගිහිල්ලා බලන්න පුළුවන් ,,,,,,
     හරි  තවමත්  එය   එකතු   කරගත්තේ  නැති අය   මුලින්ම   පේස්බුක්  කොමෙන්ට්  බොක්ස්  එක   තමන්ගේ  බ්ලොග්  එකට   එකතු  කරගෙන   තමයි ...මේක පටන් ගන්න  වෙන්නනේ ..  මුලින්ම    හැමදාමත්   කියනවා  වගේ බ්ලොග්   එකේ   ටෙම්ප්ලේට්  එකේ බැකප්  එකක්  අරගෙනම  පටන්   ගමු ....


Tuesday, August 28, 2012

ලෙහෙසියෙන්ම බ්ලොගර් බ්ලොග් එකට Multi-tabbed widget එක එකතු කරන්න......

 සුබ දවසක් ... මේ වම තියෙන රූපය බැලුවහම පෙනෙනවා   අද අපි බ්ලොග්  එකට එකතු කරගන්න යන  ගැජට්  එක මොකක්ද කියල... මේ  Muiti-tabbed widget  , බ්ලොගර්  වලට   එකතු   කරගන්න  
තවත්  වෙනස්   ක්‍රම    තියෙනවා ...නමුත්  මේ අද  අපි  කරන්නයන   විදිහ  අනික් ක්‍රම වලට වඩා  පහසුයි , පියවර  දෙකකින්  වැඩේ  ඉවරයි ... ඉතින්   ඔයාලගේ බ්ලොග්   එකේ   සයිඩ්  බාර් එකේ   තියෙන ගැජට්  ටික  පිළිවෙලකට  මෙම  Muiti-tabbed widget  එක මගින්   සකසා   ගන්න පුළුවන්
හරි  එහෙනම් වෙනද  වගේම බ්ලොග් එකේ  ටෙම්ප්ලේට්   එකේ වෙනසක් කරන   නිසා  මුලින්ම
ටෙම්ප්ලේට්  එක ඩවුන්ලෝඩ් කරගෙනම  වැඩේට බහිමු....


Sunday, August 26, 2012

අප්ලෝඩ් නොකරම අන්තර්ජාලයෙන් විශාල files යවන්න ... මෙන්න කෙටි ක්‍රමයක් .....






සුබ දවසක්  හැමෝටම  අදත්   ඔයාලට   වැදගත්   වෙන   දෙයක්   අරගෙන   තමයි  බ්ලොග්   එක   පැත්තට   අවේ ... හැමෝම  අන්තර්ජාලය  හරහා   නොයෙක්  ෆයිල්  මිතුරන් අතර බෙදාගන්නවනේ ..ඉතින්  මේ ෆයිල්  ප්‍රමාණයෙන්  විශාල වුනොත්   ඒවා  ඊමේල්  එකකට  අමුනනකොට  හෝ ෆ්‍රී  ෆයිල්
 අප්ලෝඩ්  කළහැකි වෙබ් අඩවි වලට  අප්ලෝඩ් කිරීමේදී   අපගේ  අන්තර්ජාල සේවාවේ දත්ත  ප්‍රමාණය     නිකරුනේ   වැය වෙනවා ...ඉතින්  මේකට   විසදුමක් තමයි .. අපි   මෙතනින්   ඉදිරියට   හොයන්න   යන්නේ.........

Saturday, August 25, 2012

බ්ලොග් එකේ ලේබල් එකට අලුත් පෙනුමක් දෙන්නේ මෙහෙමයි ......









බ්ලොගර්  වලින්   බ්ලොග්  ලියන සහෝදර සහෝදරියන්ට  වැදගත් වන දෙයක්  තමයි ..අදත්  මේ කරන්න   හදන්නේ ... අපි විවිධ මාතෘකා යටතේ බ්ලොග් පොස්ට් ලියනවා ..  ඒවා  එක එක  ලේබල්   මගින්   තමයි අපි බ්ලොගර් වලදී   වෙන්කර   තබා   ගන්නේ.. ඉතින්   ඔය ලේබල්   ටික  පිළිවෙලකට  සකසා ගත්තොත් එය  බ්ලොග් එකට අලුත්  පෙනුමක් මෙන්ම , කියවන්නෙකුට   පහසුවකුත්  එකතු වෙනවා ඔය  ඉහල   රුපයේ    තියෙන්නේ   අද   අපි  බ්ලොගර්  ලේබල්   ටික   ලස්සන  කරගත්තහම  අන්තිමට    දිස්වන  ආකාරය .. හරි   අපි දැන් මුලින්ම  බ්ලොගර්  ලේබල්   ටික බ්ලොග්  එකේ  සයිඩ් බාර්   එකට  එකතු    කරමු.

Friday, August 3, 2012

ලැබෙන ඊමේල් එක හොදද? නරකද ? බලා ගන්න.. මෙන්න පොඩි ටුල් එකක් ..

        ඔයාල  දවසකට ඊමේල්  කොච්චර  ලැබෙනවද ?    ඒවා එක එක   වර්ගයේ   වැදගත් ,  නොවැදගත්   දෙවර්ගයටම  වැටෙනවා   .  මේ  ඊමේල්  අතරින්  ලැබෙන   සමහරක්  ස්පෑම් , වයිරස් ,  වැනි  අපට   අනවශ්‍යය   , පරිගණකයට   හානිකර   දේවලුත්  අපට නිතරම   ලැබෙනවා .... මේවා   නවත්වන්නට  යාහු , ගූගල්  වැනි   ආයතන   කොතෙකුත්  උපක්‍රම  යෙදුවත් ..... තවමත්   ඒවා   එලෙසම  සිදුවෙනවා ..  ඉතින්මේ  ඊමේල්  පරිගණකයේ   විවෘත කිරීමට පෙර   එහි තත්වය   පරීක්ෂාකර  බැලීමට  අන්තර්ජාලය  තුලින්  හම්බවුනු   පොඩි   ගැජෙට්  එකක්   කියන්නයි .. අද   මේ  සුදානම්   වෙන්නේ..


Monday, July 30, 2012

බ්ලොග් වැඩ - බ්ලොග් පොස්ට් එකේ කොමෙන්ට් කලේ කීවෙනියද බලන්න තවත් කරදර වෙන්න එපා ... මෙන්න බඩු දාගන්න ...

      සුබ දවසක් හැමදෙනාටම  ......ඔන්න   අදත් බ්ලොගර්  වලින්   බ්ලොග් ලියන  අපේම   සහෝදර සහෝදරියන්ට වැදගත්  වෙන   දෙයක්   තමයි අරගෙන   අවේ...මම   දැක්කා සමහර   බ්ලොග් වල     කොමෙන්ට්   කොටසට   ගියහම ,, අද මම "පළවෙනිය ...  "  අද  දෙවෙනියා  මම   තමයි .... කොමෙන්ට්  කරන්නෙත්   උණු උණුවෙම තරගයක් වගේ.... ඉතින් මේ   පහල  තියෙන  කෝඩ්  කෑලි  දෙක එකතු කරගත්තහම   කොමෙන්ට  කරන  අයට  කරදර   වෙන්න ඕනේ නැහැ..... එක . දෙක , තුන ........ බෙදා  ගන්න....බ්ලොගර් මගින්ම  ඒගොල්ලන්ට   හිමි තැන ලබා දෙනවා.   ඉතින්   අපි  මේ  කෝඩ් කෑලි කොහොමද   අපේ  ටෙම්ප්ලේට්  එකට   එකතු   කරගන්නේ    කියල ....

Sunday, July 29, 2012

ජීමේල් වල 2nd step verification එක දාගත්තේ නැද්ද ? එහෙනම් මෙන්න ,,,,,,,

       
" මගේ  ඊමේල් එක කවුද හැක් කරලා" ,  "මගේ පේස්බුක් එකවුන්ට්  එකට කව්ද   හොරෙන්  ලොග්  වෙලා ".. ඔය වගේ  කතා අපට  නිතර නිතර අහන්න ලැබෙනවා ....... ඉතින්  ඔයවගේ  වෙලාවලට   තමයි ..අපට අපගේ ඊමේල්  එකේ   ආරක්ෂාව ගැන  හිතන්න මතක් වෙන්නේ .. එහෙම නේද ?   ඉතින් ඔයගොල්ලොත් මම  වගේ භාවිතා කරන්නේ  ජීමේල්  නම්  ඔන්න එයට   තවත්  අපුරු ක්‍රමවේදයක්   ගුගල්   මගින්ම  එළිදක්වල   තියෙනවා .. ඔයාලගේ  ඊමේල්   එක   ආරක්ෂා   කරගන්න.  මේක තමයි ගූගල් මගින්   අලුතින් හදුන්වාදුන් 2nd step verification  කියනඑක ... මේක ගොඩ දෙනෙක්  දාගෙනත් ඇති තවමත්  මේක දාගත්තේ නැත්නම්  පහත දැක්වෙන  විදිහට ගිහිල්ල ගුගල් අපට නොමිලේ දෙන  පහසුකම සක්‍රිය කරගන්න පුළුවන්... මෙම පහසුකම සක්‍රිය කරගත්තට පසුව   අප වෙනස් වෙනස්  කොම්පියුටර් , ටැබ්ලට් පිසි ,ස්මාට්ෆෝන්  වලින්  අපගේ   ජීමේල්  එකට ලොග්  වන විට අපට   අමතර සංකේත අංකයක්(කෝඩ් එකක් )  අප ලබාදී ඇති  දුරකථනයට   කෙටිපණිවිඩයක් මහින් ලබාදෙනවා ...... මුරපදය දැනගෙන   හිටියත් අර ගූගල් මගින්  කෙටිපණිවිඩයක් මහින්  එවන  අංකය නැතිනම්  අපට අපගේ  ජීමේල්   එකට   ලොග් වෙන්න බැහැ. මේක  තමයි ඔය   2nd  step verification  කියන්නේ .     

Friday, July 27, 2012

බ්ලොග් වැඩ කෑලි-Linkwithin විජෙට්ටුව අලුත් පෙනුමක් දෙමු.


    ඔයාලට මතක ඇති , මීට කලින්   පොස්ට්   එකක Linkwithin  විජෙට්ටුව  බ්ලොගර් වලට එකතු   කරගන්න විදිහ කියල දුන්න ....එය මගින් බ්ලොග්  එකහි ඇති  බ්ලොග් පොස්ට් (Thumbnail )  ආකාරයෙන්   බ්ලොග්  එකේ  පොස්ට් වලට පහලින්  
දර්ශනය වීමට සලස්වනවා ....ඉතින්
Linkwithin  විජෙට්ටුව  තාමත්  බ්ලොග් එකට එකතු කරගෙන 
 නැත්නම් පොඩ්ඩක් මුලින්ම


Sunday, July 15, 2012

ජීමේල් වලින් ඊමේල් යවන අයට මෙන්න වැදගත් ......

සුබදවසක් ,,ඔන්න අදත් බ්ලොග්   එක පැත්තට   ගොඩ වුනේ  ඔයාලට   ජීමේල්  වලින්  කරන්න   පුළුවන්  තවත්  අලුත්  වැඩ කෑලි දෙකක්   ගැන    කතා   කරන්න.   මොනවද  මේ   වැඩ කෑලි...


මෙන්න   එක  .....
            1.   ඔබ  ජීමේල්  වලින්  යවන  ඊමේල් එක  ලබන්නා  ඕපන් කලවිට,  එය නැවත   ඔබවෙත  දැනුම් දීම.  මේකට   කියන්නේ ට්‍රැක් මේල්  කියල..

   2.  යම් කිසි කාලසටහනකට  අනුව ඊමේල්  යැවීමට   හැකිවීම...
            ඔය උපන්දිනවලට  එහෙම  සුබපතන්න    අමතක වෙන  අයට   මේක ගොඩක්   වැදගත් ,,
හරි මුලින්ම   කරන්න   තියෙන්නේ  මෙන්න මේ වෙබ් අඩවියට ගිහිල්ලා  ජීමේල්  එකට අවශ්‍ය   වන  පොඩි  එක්ස්ටෙන්ෂන්  එකක්  බාගන්න විතරයි ..  මේ  එක්ස්ටෙන්ෂන්  එක FIREFOX , CHROME , SAFARI   වෙබ්  බ්‍රවුසර්  වලට ගැළපෙන විදිහට හදල තියෙනවවා .. දැනට ....

Thursday, June 21, 2012

බ්ලොග් වැඩ - Linkwithin ගැජෙට් එක බ්ලොග් එකට එකතු කලේ නැද්ද ?? එහෙනම් මෙන්න ...

ඔන්‍න‍ ආයෙත්   ගොඩක් කාලෙකට   පස්සේ බ්ලොග්  එක   පැත්තේ   අවා.. ...රුපය   දැකපු  ගමන් පැහැදිලි   ඇති ,,  LINKWITHIN  ගැජෙට් එක මගින් බ්ලොග්   පෝස්ට්  Thumbnails  ආකාරයට බ්ලොග් පෝස්ට් එකට යටින් එකතු   කරගන්නා විදිහ තමයි .. අද කරන්න    යන්නේ....  ගොඩ දෙනෙක්  මේගැන   දන්නවත්  ඇති ...මේක ලොකු දෙයක්  වගේ   පෙනුනට හරිම   පහසුවෙන්   කරගන්න  පුළුවන් ...  මුලින්ම   මෙන්න මෙතනින් ගිහිල්ලා  linkwithin  වෙබ්  අඩවියට පිවිසෙන්න.
එවිට   පහත   ආකාරයට ඔබගේ ඊමෙල් ගිණුමේ නමත්  , බ්ලොග් අඩවියේ නමත් , platform යන්නට blogger යනුවෙනුත්  , width  යන්නට  ලින්ක් කිරීමට අවශ්‍ය  පෝස්ට් ගන්න ,  ඇතුලත්   කර  Get widget   මත   ක්ලික්   කරන්න.  පහත  රූපය   බලන්න.


ඊට   පස්සේ බ්ලොගර්  වලට   LINKWITHIN   ගැජෙට්    එක   එකතු   කරගන්නා  අවස්ථාවට  අපව කැදවා   ගෙන යයි ....  පහත  රුපයෙන්  වැඩේ  පැහැදිලිවෙයි ......

දැන් අවසාන කොටසේ   අපි ඉන්නේ  , ඉහත රූපය   පරිදි  බ්ලොගර්  පේජ් එලිමන්ට්  එක   එකතු කලයුතු   බ්ලොග්  එකේ නම තිරගෙන්  add Widget  මත  ක්ලික්   කරන්න. ඔන්න  වැඩේ  ඉවරයි .....

Saturday, March 3, 2012

මොබයිල් ෆෝන් එකෙන් බ්ලොග් එක බලමු ...


සුබ දවසක් ,   මොබයිල්   ෆෝන්  එකෙන්  බ්ලොග්  එක බලන්න  පුළුවන්  විදිහට  බ්ලොගර් වල  සෙටින්  හදාගන්න විදිහ තමයි අද කියන්න   හදන්නේ.... සිංහල බ්ලොග්   එකක් නම්  මොබයිල් ෆෝන් එකේ වෙබ්  බ්‍රවුසරය විදිහට Opera (mobile version)  පිහිටුවා ගන්න වෙනවා ...මොකද නැත්නම්  සිංහල  අකුරු පෙනෙන්නෙ කොටු ටිකක් විදිහට .....

Saturday, February 4, 2012

බ්ලොග් එකට Follow by Email Widget එක එකතු කරන්න..


සුබ දවසක් .. ඔන්න ආයෙත් බ්ලොග්   එක පැත්තේ එන්න ලැබුන ......බ්ලොග්   එක බලන පාඨකයෙකුට  අපගේ ලිපි  ඊමේල්  මගින් ලබා ගැනීමට අවස්ථාවක් දෙන්න ,  අපට google feed burner  වලට   අපගේ බ්ලොග්  අඩවිය ඇතුලත්   කරන්න වෙනවා. එවිට  google feed burner  මගින්  අපගේ  අපගේ ලිපිවල feeds   Email  මගින්  පාඨකයින්ට  ලැබෙන්න සලස්වනවා ..මේ සදහා අපට blogger  වලින් ලෙහෙසියෙන්ම  google feed burner  වලට  බ්ලොග්  අඩවිය   එකතු  පහසුකම  සලසා දීල තියෙනවා ...මේ  widget  එක බ්ලොග්   කියවන කෙනෙකුට  බොහොම  වැදගත් වුවත් ,,, කෙරෙන කාර්ය පිළිබද පිළිබද අනවබෝධයෙන්  දෝ  මෙය සමහර   බ්ලොග්   වලට   එකතු කරගෙන නැහැ,,

Saturday, January 7, 2012

බ්ලොග් එකේ Author comment වලට නව පෙනුමක් දෙන්නේ මෙහෙමයි

සුබ   දවසක් ..  ටික   දවසකින්  තමයි  බ්ලොග්   එක පැත්තේ  එන්න ලැබුනේ .... අද   අපි   කරන්න   හදන්නේ  බ්ලොග්  එකේ  Author comment  වලට   නව පෙනුමක්  දීල  ,  එය   බ්ලොග්   එකට   ඇතුළු   වන  අමුත්තෙකුගේ  කොමෙන්ට්  එකකට   වඩා   කැපී පෙනෙන  විදිහට  පෙනෙන  අන්දමට   හදා ගන්නේ   කොහොමද  යන්නයි .... මුලින්ම   කියන්න ඕනෑ මේක  කරන්න   යන්නේ  බ්ලොගර්  වලින්  ලියපු  බ්ලොග්   අඩවියකට   කියල..  මුලින්ම   මෙහිදී  බ්ලොග්   එකේ  ටෙම්ප්ලේට්  එකේ  වෙනස් කම් සිදුකරන   නිසා .. මුලින්ම   එය බැකප්  එකක්  වශයෙන්  ඩවුන්ලෝඩ්  කරගන්න ....  ඊට   පසු   බ්ලොග්  එකේ  CSS  වලට  කෝඩ්   එකක්   එකතු   කලයුතු නිසා ..